තම ස්වාධීන විදෙස් ප්‍රතිපත්තිය කිසිදු අවස්ථාවකදී වෙනස් නොකරන බවත් තම අසල්වාසීන්ගේ පීඩනයට නතු නොවන බවත් කටාර් විදේශ අමාත්‍යවරයා අල් ජසීරා පුවත්සේවයට ප්‍රකාශ කර තිබේ.
සෞදි අරාබිය, බහරේනය, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ප්‍රමුඛ රටවල් කිහිපයක් කටාරය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පහත හෙළීමට කටයුතු කිරීමත් සමඟ මෙම අර්බුදකාරී තත්ත්වය නිර්මාණය වූ අතර කටාරය ත්‍රස්තවාදයට සහ ඉරානයට දැඩි පක්ෂපාතීත්වය දක්වනට බවට එම රටවල් චෝදනා කළේය.
කෙසේ නමුත් එම චෝදනා පදනම් විරහිත බව කටාර් රාජ්‍යය දිගින් දිගටම ප්‍රකාශ කරයි.
“අපි යටත් වෙන්න සූදානම් නැහැ. ඒ වගේම කිසිදු අවස්ථාවකදී අපි යටත් වෙන්නේ නැහැ. ඒ වගේම අපි අපේ ස්වාධීන නිදහස් විදෙස් ප්‍රතිපත්තිය වෙනස් කරන්නෙත් නැහැ” යැයි කටාරයේ විදේශ අමාත්‍ය ෂීක් මොහොමෙද් බින් අබ්දුල් රහ්මාන් මහතා පැවැසීය.
(අල් ජසීරා ඇසුරිණි-055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටාර් රාජ්‍යයේ ඇතිවී ඇති අර්බුදකාරී තත්වය නිසා අපේ රටේ දේශපාලකයින්ට කෝටිපතියන් වීමේ වාසනාව උදාවී ඇත. ලෝකයේ පොහොසත්ම රටක් වන ඔවුනට අවට මැදපෙරදිග රටවලට යටත් නොවී රටේ ආහාර අවශ්‍යතාවය සදහා වගාකලහැකි ඉඩම් වෙනත් රටකින් ලබාගැනීමට ඇති පහසුම මග අප රටේ දේශපාලකයන්ට සල්ලි දී රටේ ඉඩම් 99 ට බදු ගැනීමය. මේ සදහා දැනටමත් බොහෝ දෙනා ක්‍රියාත්මකව ඇති බවට තොරතුරු ඇත. රටට ආදරය කරන දේශපාලකයින්ට මේ මැද පෙරදිග අර්බුදකාරී තත්වය රටට වාසි සහගත ලෙස හරවා ගැනීමට අනගි අවස්ථාවක් උදාවී ඇත. ඒ මත්තල ගුවන් තොටුපොල සහ හම්බන්තොට වරාය කිසිවෙකුට නොවිකුණා ගැටුමේ දෙපර්ශවයන්ගේ භාණ්ඩ හා මගී හුවමාරු මධ්‍යස්ථානයක් කරගැනීම මගින් ලංකාව සුර පුරයක් බවට හරවාගත හැක.