IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


යටත් වෙන්නේ නැහැයි කටාරය කියයි


තම ස්වාධීන විදෙස් ප්‍රතිපත්තිය කිසිදු අවස්ථාවකදී වෙනස් නොකරන බවත් තම අසල්වාසීන්ගේ පීඩනයට නතු නොවන බවත් කටාර් විදේශ අමාත්‍යවරයා අල් ජසීරා පුවත්සේවයට ප්‍රකාශ කර තිබේ.

සෞදි අරාබිය, බහරේනය, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ප්‍රමුඛ රටවල් කිහිපයක් කටාරය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පහත හෙළීමට කටයුතු කිරීමත් සමඟ මෙම අර්බුදකාරී තත්ත්වය නිර්මාණය වූ අතර කටාරය ත්‍රස්තවාදයට සහ ඉරානයට දැඩි පක්ෂපාතීත්වය දක්වනට බවට එම රටවල් චෝදනා කළේය.

කෙසේ නමුත් එම චෝදනා පදනම් විරහිත බව කටාර් රාජ්‍යය දිගින් දිගටම ප්‍රකාශ කරයි.

“අපි යටත් වෙන්න සූදානම් නැහැ. ඒ වගේම කිසිදු අවස්ථාවකදී අපි යටත් වෙන්නේ නැහැ. ඒ වගේම අපි අපේ ස්වාධීන නිදහස් විදෙස් ප්‍රතිපත්තිය වෙනස් කරන්නෙත් නැහැ” යැයි කටාරයේ විදේශ අමාත්‍ය ෂීක් මොහොමෙද් බින් අබ්දුල් රහ්මාන් මහතා පැවැසීය.

(අල් ජසීරා ඇසුරිණි-055)



අදහස් (1)

යටත් වෙන්නේ නැහැයි කටාරය කියයි

Sathyapala Friday, 09 June 2017 08:22 AM

කටාර් රාජ්‍යයේ ඇතිවී ඇති අර්බුදකාරී තත්වය නිසා අපේ රටේ දේශපාලකයින්ට කෝටිපතියන් වීමේ වාසනාව උදාවී ඇත. ලෝකයේ පොහොසත්ම රටක් වන ඔවුනට අවට මැදපෙරදිග රටවලට යටත් නොවී රටේ ආහාර අවශ්‍යතාවය සදහා වගාකලහැකි ඉඩම් වෙනත් රටකින් ලබාගැනීමට ඇති පහසුම මග අප රටේ දේශපාලකයන්ට සල්ලි දී රටේ ඉඩම් 99 ට බදු ගැනීමය. මේ සදහා දැනටමත් බොහෝ දෙනා ක්‍රියාත්මකව ඇති බවට තොරතුරු ඇත. රටට ආදරය කරන දේශපාලකයින්ට මේ මැද පෙරදිග අර්බුදකාරී තත්වය රටට වාසි සහගත ලෙස හරවා ගැනීමට අනගි අවස්ථාවක් උදාවී ඇත. ඒ මත්තල ගුවන් තොටුපොල සහ හම්බන්තොට වරාය කිසිවෙකුට නොවිකුණා ගැටුමේ දෙපර්ශවයන්ගේ භාණ්ඩ හා මගී හුවමාරු මධ්‍යස්ථානයක් කරගැනීම මගින් ලංකාව සුර පුරයක් බවට හරවාගත හැක.

:       102       140

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 679 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2350 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1728 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site