ඉන්දියාවේ තෙළඟනා ප්‍රාන්තයේ මහ ඇමැති කේ.චන්ද්‍රෙස්කර රාඕ මෙදැක් දිස්ත්‍රික්කයේ සංවිධානය කළ පස්දින යාඥා මෙහෙයකදී විශාල ගින්නක් හටගත් බව ඉන්දීය වාර්තා කියයි.
මෙම ගින්න හටගෙන ඇත්තේ ඉන්දීය ජනපති ප්‍රනාබ් මුඛර්ජි එම ස්ථානයට ළඟා වීමට සුළු මොහොතක් තිබියදී බව කියති. ගින්න හේතුවෙන් යාඥා මෙහෙයට බාධා සිදුවූ බවත් එහි ඉදිකර තිබූ පැලක වහලයටද දැඩි ලෙස හානිවූ බවත් එරට වාර්තා පවසයි.
ගිනි නිවන භටයන් සිව් දෙනකු වහා එහි ගොස් වතුර ඉස ගින්න මැඩ පවත්වා ඇති අතර කිසිවකුට ගින්නෙන් හානි සිදුවී නැති බවත් එන්ඩීටීවී පුවත් සේවය කියයි.
‘ආයුත චන්දි යාගම්‘ ස්ථානයේ සියල්ල හොඳින් බවත් මිනිසුන් ආරක්ෂිතව සිටින බවත් මහ ඇමැතිවරයාගේ දියණිය කවිතා කුල්වකුන්ත්ලා ට්විටර් පණිවිඩයකින් කියන්නීය.
ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයට කිලෝමීටර් 80 ක් පමණ එපිටින් පිහිටි මෙදැක් දිස්ත්‍රික්කයේ සංවිධානය කළ ආයුත චන්දි යාගම් යාඥා වැඩසටහනේ අවසන් දිනය අද විය. තෙළඟනා වැසියන්ගේ සමෘද්ධිය පතා යාඥාව සංවිධානය කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd