IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


යැංගොන් නුවරට මියන්මාර වැසියෝ දස දහස් ගණනක් පාගමෙන් එති

 

මියන්මාර හමුදා ජුන්ටාවේ කුමන්ත්‍රණයට එරෙහිව එරට වැසියන් දස දහස් ගණනින් වීදිවලට පැමිණෙමින් විරෝධතා පැවැත්වීම පටන් ගෙන ඇත.

මියන්මාර හමුදාව පසුගිය සතියේදී මැතිවරණයෙන් තේරී පත්වූ නායිකාව අවුන් සාන් සූකී හමුදා භාරයට ගනිමින් එරට පාලන බලය අත්පත් කර ගත්තේ ය.

පසුගිය වසරේ පැවැති මහ මැතිවරණයෙන් අවුන් සාන් සූකීගේ නායකත්වයෙන් යුක්ත ප්‍රජාතන්ත්‍රවාදී ලීගය පක්ෂය (නැෂනල් ලීග් ෆෝ ඩිමොක්‍රසි) විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගත්තේ ය. ඊට අදාළව එරට පාර්ලිමේන්තුව පසුගිය දා (1) පළමු වරට රැස්වීමට නියමිත තිබිණි.

එසේ පාර්ලිමේන්තුව රැස්වීමට පැය කිහිපයක් තිබියදී එරට හමුදාව බලය අත්පත් කරගත්තේ ය.

හමුදාව බලය අත්පත් කරගැනීමෙන් පසු තැනින් තැන කුඩා විරෝධතා ආරම්භ වූ අතර මියන්මාර වැසියෝ දස දහස් ගණනක් ඊයේ (6) යැංගොන් නුවරට රැස්වී විරෝධතාවල නිරත වූහ. එම විරෝධතා අඛණ්ඩව දෙවැනි දිනටත් යැංගොන් නුවරදී අද (7) පැවැත්විණි.

යැංගොන් යනු මියන්මාරයේ දෙවැනි විශාලතම නගරය වන අතර එනුවරට දස ගණනක් පාගමනේ ආහ. මියන්මාරයේ තවත් නගරවල කුඩා විරෝධතා පැවැත්වෙන අතර ඒවාට සිය ගණනින් ජනතාව එක් රැස්වෙමින් සිටිති.

විරෝධතා පැවැත්වෙන්නේ මියන්මාරයේ අන්තර්ජාල සේවා සහ දුරකතන මාර්ග අවහිර කර තිබෙන මොහොතකය. ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමට ද මියන්මාර පාලනය පසුගිය සතියේ දී පියවර ගත්තේ ය.

භෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් 2007 වසරේ දී මියන්මාරයේ සිදු වූ ‘‘පීත විප්ලවයෙන්’’ පසු එරට පැවැති විශාලතම විරෝධතා ව්‍යාපාරය මෙය යැයි ද පැවැසේ. එම විප්ලවය භික්ෂූන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ නිසා ‘සැෆ්‍රෝන් රෙවලූෂන්’ යන ඉංග්‍රීසි පාඨයෙන් හැඳින්වෙන අතර සරල අරුත ‘‘කහ විප්ලවය’’ යන්න යි.

යැංගොන් යනු මියන්මාරයේ වාණිජ අගනගරය වේ. යැංගොන් නුවරට පැමිණි විරෝධතාකරුවෝ රතු පැහැති බැලූන් රැගෙන පැමිණ සිටියහ. රතු පැහැය අවුන් සාන් සූකීගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගය පක්ෂය නියෝජනය කරයි.

‘‘අපට හමුදා ඒකාධිපතීත්වයක් ඕනෑ නැහැ.. අපිට ඕනෑ ප්‍රජාතන්ත්‍රවාදය’’ යැයි විරෝධතාකරුවෝ සටන් පාඨ කීහ.

 

 

රොයිටර්ස්

055



අදහස් (0)

යැංගොන් නුවරට මියන්මාර වැසියෝ දස දහස් ගණනක් පාගමෙන් එති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 938 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site