කායික මානසික සුවය ලබා දෙන යෝග ව්‍යායාමවල ආරම්භය සිදුවූයේ ඉන්දියාවෙන් නොව නේපාලයෙන් යැයි නේපාලයේ භාරකාර අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා කියයි.
අග්‍රාමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයත් සමඟ යළිත් වරක් අසල්වැසියන් වන ඉන්දියාවත් නේපාලයත් අතර අර්බුදයක් නිර්මාණය වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
'ජගත් යෝග දිනය' ඊයේ (21) ට යෙදී තිබුණි. ලෝකයට යෝග දිනයක් අවශ්‍ය යැයි පෙන්වා දෙමින්, ඒ සඳහා දිනයක් නම් කිරීමට මැදිහත්වී කටයුතු කළේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිය.
ඊයේ (21) අග්‍රාමාත්‍ය මෝදිගේ ප්‍රධානවත්වයෙන් 'යෝග දිනය' සැමරීම සිදුවිය. ලොව පුරා දහස් ගණනින් ඊට සහභාගී වූහ. ඒ, සෞඛ්‍ය අංශ ලබා දී ඇති මාර්ගෝපදේශ අනුවය.
'යෝග ආරම්භ වුණේ නේපාලයෙන්. ඒ කාලයේ ඉන්දියාවක් තිබුණේ නැහැ. අද අගමැති මෝදි යෝග ගැන ලොවට කියනවා. එහි අගය පෙන්වා දෙනවා. ඉන්දියානුවෝ හැමෝම යෝග ගැන ආඩම්බරයෙන් කතා කරනවා. ඒත් යෝග ආරම්භ වුණේ ඉන්දියාවෙන් නොවෙයි. නේපාලයෙන්' යැයි නේපාල භාරකාර අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා පැහැදිලි කර තිබේ.
කත්මණ්ඩුහිදීය (එන්.ඩී.ටීවී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
යෝග ආරම්භ වුණේ ඉන්දියාවෙන් නොවේ