IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


යුක්රේනයෙනුත් කොන්දේසියක්

යුද්ධය කඩිනමින් අවසන් කිරීමට, රුසියාව යුක්රේනයට ඉදිරිපත් කළ  ප්‍රධානතම කොන්දේසියට තමන් එකඟ වන්නේ, ලොව ප්‍රබල රටවල් එක් වී යුක්රේනයේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ සහතිකයක් ලබා දෙන්නේ නම් පමණක් යැයි යුක්රේනය පවසයි.

තුර්කියේ මැදිහත් වීමෙන් එරට ඉස්තාන්බුල් නගරයේ දී රුසියන් සහ යුක්රේන නියෝජිතයන් අතරේ සාම සාකච්ඡා පැවැත්විණි. යුද්ධය කඩිනමින් අවසන් කිරීමට, රුසියාව යුක්රේනයට ඉදිරිපත් කළ කොන්දේසි කෙරෙහි එහිදී අවධානය යොමු විය. යුද ගැටුම් කඩිනමින් නිමා කිරීමට රුසියාව කොන්දේසි 6 ක් ඉදිරිපත් කර තිබේ. එයින් පළමු සහ ප්‍රධානතම කොන්දේසිය වන්නේ, යුක්රේනය නේටෝ සාමාජිකයකු නොවී අපක්ෂපාතී රාජ්‍යයක් ලෙස සිටිය යුතුය යන්නය.

රුසියාවේ එම කොන්දේසියට එකඟවීමට නම්, නේටෝ සංවිධානයේ පස්වැනි වගන්තියට සමාන අයුරින්, තම රටේ ආරක්ෂාව තහවුරු කිරීමට ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවල් සහ නේටෝ සංවිධානයට අයත් රටවල් ද කටයුතු කළ යුතු බව යුක්රේනය සාම නියෝජිතයන් සාකච්ඡා අතරතුරේ පෙන්වා දී තිබේ.

නේටෝ සංවිධානයේ පස් වැනි වගන්තිය වන්නේ යම් සතුරු ප්‍රහාරයකදී සාමාජික රටවල් අනෙකුත් සාමාජිකයන්ගේ සහායට පැමිණිය යුතුය යන්නය. යුක්රේනයට බටහිර රටවලින් නීත්‍යාණුකූල බැඳුනු ආරක්ෂක සහතිකයක් අවශ්‍ය බවත්, එය නේටෝවේ සාමූහික ආරක්ෂක සහතිකයට සමාන හෝ ඊට වඩා හොඳ සහතිකයක් විය යුතු බවත් යුක්රේන සාම නියෝජිත පිරිස සාම සාකච්ඡා අතරතුරේ අවධාරණය කළහ.

“අපට අවශ්‍ය වන්නේ නේටෝවේ පස් වැනි වගන්තියට සමාන ආකාරයේ හෝ ඊටත් වඩා ස්ථාවර, ඇපකරුවන් මැදිහත් වන ආකාරයේ ආරක්ෂක සහතිකයක් පිළිබඳ ජාත්‍යන්තර යාන්ත්‍රණයක්” යැයි යුක්රේන නියෝජිත කණ්ඩායමට අයත් ඩේවිඩ් අරකාමියා රුසියන් නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ වැඩි දුරටත් පැහැදිලි කළේය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සාමාජිකයන් වන ඇමෙරිකාව, චීනය, ප්‍රංශය සහ මහා බි්‍රතාන්‍යයත්, කැනඩාව, ජර්මනිය, ඊශ්‍රායලය තුර්කිය, පෝලන්තය සහ ඉතාලියත් එකමුතු වී යුක්රේනයේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ඇපකරුවන් ලෙස කටයුතු කළ යුතු යැයි යුක්රේනය බලාපොරොත්තු වන බව ඩේවිඩ් අරකාමියා වැඩි දුරටත් පෙන්වා දුන්නේය. චීනය සහ ඊශ්‍රායලය හැර ඉහත සඳහන් කළ සෙසු රටවල් සියල්ලම නේටෝ සංවිධානයේ සාමාජිකනයන්ය.

යුක්රේනය අපේක්ෂා කරන ආකාරයේ ‘ආරක්ෂක සහතිකයක්’ යුක්රේනයට ලැබෙන්නේ නම්, ඔවුන්ට ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකයකු වීමට අවශ්‍ය නොවන බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.‘නෝටෝ’ යනු යුද සංධානයකි. ඇමෙරිකාව, කැනඩාව, මහා බ්‍රිතාන්‍යය ආදී බටහිර රටවල් නේටෝ සංවිධානය පිහිටුවා ගත්තේ රුසියාවෙන් එල්ල වන තර්ජනවලට මුහුණ දීමටය.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ගත්තේ ද යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ප්‍රමුඛ රජය ‘නෝටෝ’ සංවිධානය සමග සමීපව කටයුතු කිරීම නිසාය.
විදෙස් හමුදා කඳවුරු යුක්රේනය තුළ ස්ථාපිත කිරීමෙන් වළකින්නැයි රුසියාව යුක්රේනයට පනවා ඇති කොන්දේසියකි. යුක්රේනය අපක්ෂපාතී රාජ්‍යයක් බවට පත්වුවහොත් එය සිදු නොවන බව ද දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

යුක්රේනයේ ඩොන්බාස් පළාතේ ඩොනෙස්ක් සහ ලූහාන්ස්ක් යන නගර ද අයත් පළාත් දෙක වෙන වෙනම ස්වාධීන රාජ්‍යයන් වීමට කැමැත්ත පළ කර ඇති අතර, රුසියාව දැනටමත් ඒවා වෙනම ස්වාධීන ජනරජ ලෙස පිළිගෙන අවසන්ය.  ඩොන්බාස් පළාතේ ජීවත් වන බහුතරය රුසියන් බස කතා කරන රුසියන් සම්භවයක් ඇත්තන්ය. ඩොන්බාස් පළාතේ ඩොනෙස්ක් සහ ලූහාන්ස්ක් සම්බන්ද අර්බුදය රුසියන් රජය සමග සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට යුක්රේන රජයේ අවධානය යොමු වී තිබේ.

2014 දී යුක්රේනයට අයත් ක්රමයිමියා පළාත රුසියාව හමුදා ආක්‍රමණයකින් අත්පත් කර ගත්තේය. මෙම පළාත අදත්, රුසියාවට අයත් ප්රදේශයක් ලෙස සැලකෙයි. ඩොනෙස්ක් සහ ලූහාන්ස්ක් බෙදුම්වාදී නායකයන් පවසන්නේ ඉදිරියේ දී ජනමත විමසුමක් පවත්වා රුසියාවට සහාය පළ කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවය.

(රොයිටර්)



අදහස් (0)

යුක්රේනයෙනුත් කොන්දේසියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 573 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site