
යුක්රේනය සහ රුසියාව අතර යුධ උණුසුම වැඩි වෙත්ම ජර්මනිය, එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය, යුක්රේනයේ කිව් අගනුවර හි පිහිටි තම තානාපති කාර්යාල වල සිටින කාර්ය මණ්ඩල සාමජිකයන් ගෙන් යම් ප්‍රමාණයක් සහ තානාපති කාර්යාල මත යැපෙන සෙසු පුද්ගලයන් ඉවත් කර ගැනීමට තීරණය කර ඇතැයි යුක්රේන විදේශ අමත්‍යාංශය පවසයි.
යුක්රේන විදේශ අමත්‍යාංශය මෙම රටවල් හතර ගත් තීරණය සම්බන්ධව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මෙසේ තානාපති කාර්යාලවලින් කාර්යාල මණ්ඩල සාමාජිකයින් යම් පිරිසක් ඉවත් කර ගැනීමට ගත් තීරණය පිළිබද තමන් කණගාටුවට පත් වෙන බවත් එය කාලෝචිත නොවන බවත්ය.
වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ යුක්රේනයේ තානාපති කාර්යාල 129 ක් තිබෙන බවත් අනිකුත් තානාපති කාර්යාල සාමාජිකයන් ඉවත් කර නොගන්නා බවට සහතිකයක් තමන්ට ලබා දී ඇති බවය.
ඇමෙරිකා එක්සත් ජනපදය තමන් යුක්රේනයට හමුදා යවන්නේ නැති බව පැවසුවත් නේටෝ සංවිධානය යුක්රේනයට හමුදා යැවීමට තීරණය කළහොත් උදව් දීම සදහා 8,500 කින් යුත් හමුදා කණ්ඩායමක් සීරුවෙන් සිටින බව පෙන්ටගනය පවසයි.
රුසියාවෙන් එල්ල කරන පීඩනයට පොදු සැලස්මක් සාකච්චා කිරීම සදහා සඳුදා දින ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් යුරෝපයේ මිත්‍ර රාජ්‍ය සමග වීඩියෝ හමුවක් සාකච්චාවක් පවත්වා ඇත.
එකසත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන්, ප්‍රංශයේ ජනාධිපති එමානුඑල් මැක්රෝන්, ජර්මානු චාන්සලර් ඕලෆ් ශෝල්ස්, ඉතාලි අගමැති මාරියෝ ඩ්රාගි, පෝලන්ත ජනාධිපති අන්ඩ්රේ ඩූඩා සහ නේටෝ ප්‍රධානී ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් මෙම සාකච්චාවට සහභාගී වූහ.
එමෙන්ම නේටෝ සාමාජික රටවල් කිහිපයක් ඩෙන්මාර්කය ,ස්පාඤ්ඤය,නෙදර්ලන්තය සහ ප්‍රංශය දැනටමත් ප්‍රහාරත ගුවන් යානා සහ යුධ නැව් රුසියාවෙන් තර්ජනයක් එල්ල වුවහොත් එය සාර්ථකව මැඩ පැවැත්වීමට නැගෙනහිර යුරෝපය වෙත යැවීමට තීරණය කර ඇත
(විමුක්ති එස්. රුද්‍රිගු - අල් ජසීරා)
2025 නොවැම්බර් මස 04
593
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2285
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුක්රේනයෙන් තානාපති නිලධාරීන් ගෙන්වා ගනී