ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් යුද, ආර්ථික සහ මානුෂීය ආධාර ලෙස ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 33 මුදලක් යුක්රේනයට ලබා දිය යුතු බවට යෝජනාවක් කොංග්‍රසයට ඉදිරිපත් කර ඇත.
තීරණාත්මක මොහොතේ, යුක්රේනය රුසියානු හමුදාවන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ඉවහල් වන මෙම යෝජනාව කොංග්‍රස් මණ්ඩලය අනුමත කළ යුතු බව ද ජනාධිපති ජෝ බයිඩන් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
මෙම යෝජනාවෙන් යුද ආධාර සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 20 ක මුදලක් ද, ආර්ථික ආධාර ලෙස ඩොලර් බිලියන 8.5 ක මුදලක් ද, මානුෂීය ආධාර ලෙස ඩොලර් බිලියන 3 ක මුදලක් ද යුක්රේනයට ලබා දීමට යෝජනා කර ඇත.
රුසියාව යුක්රේනයට ඒවා ඇති සෑම යුද ටැංකියකටම යුද ටැංකි නාශක අවි 10 ක් යුක්රේනයට ලබා දී ඇති බව ජනාධිපති බයිඩන් පැහැදිලි කර තිබේ.
මෙය ඇමෙරිකාව රුසියාවට පහරදීමක් නොවන අතර රුසියාවෙන් යුක්රේනයට එල්ල වන ප්‍රහාර හමුවේ තම රට ආරක්ෂා කර ගැනීමට ලබා දෙන උදව්වක් පමණක් බව ජනාධිපති බයිඩන් ප්‍රකාශ කළේය.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
යුක්රේනයට ඩොලර් බිලියන 30 ක ආධාර