
රුසියන් ආක්‍රමණය හේතුවෙන් අසරණ වුණු යුක්රේනයට ඇමෙරිකන් ඩොලර් බිලියන 13.6 ක් ආධාර පැකේජයක් ලබා දීමට ඇමෙරිකා ජනාපධිති ජෝ බයිඩන් පියවර ගෙන ඇත.
මෙම ආධාර පැකේජය ලබා දීමට ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයේ ද අනුමැතිය හිමිවී තිබේ.
ලැබෙන මෙම ආධාර පැකේජය, ආරක්ෂාව සහ මානුෂීය ආධාර සම්බන්ධයෙන් දෙකට බෙදී යුක්රේන වැසියන්ට ලැබෙනු ඇති බව ද පැවැසෙයි.
රුසියන් ආක්‍රමණයට මුහුණ දෙමින්, ආරක්ෂා වීමට යුක්රේන වැසියන්ට අවශ්‍ය අවි ආයුධ සහ සෙබළුන් මේ වනවිට යුක්රේනය සතුව ඇති බවත්, ඔවුන්ට පහසුවෙන් රුසියන් හමුදා පරාජය කිරීමට හැකිවනු ඇති බවත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd