ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ උපදෙස් අනුව, යුක්රේන රජයට සහ හමුදාවට අමතර ආරක්ෂාවක් ලබා දීමට පියවර ගන්නා බව පෙන්ටගනය පවසයි.

'මම පැහැදිලිව කියන්න කැමතියි අපි යුක්රේනයට අමතර ආරක්ෂක සහායක් ලබා දෙනවා. ඒ සම්බන්ධ කටයුතු සිදුවිය යුත්තේ කෙසේදැයි මේ වනවිට සාකච්ඡා වෙනවා.' යැයි පෙන්ටගනය හෙවත් ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක ජෝන් කර්බි මාධ්‍ය හමුවේ පවසා තිබේ.

කෙසේ නමුත්, රුසියන් ආක්‍රමණය හමුවේ ඇමෙරිකාව නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඇමෙරිකාවට චෝදනා වී තිබේ.

යුක්රේනයට අමතර සහාය ලබා දෙන බව පෙන්ටගන ප්‍රකාශකයා පැවැසුවේ ඇමෙරිකන් රජය වෙනුවෙන් මෙම චෝදනාවලට පිළිතුරු දෙමිනි.

(අල් ජසීරා)