
යුක්රේනයේ කීව් අගනුවර ස්ථාන කීපයක් ඉලක්ක කර ගනිමින් රුසියන් හමුදාව මිසයිල ප්‍රහාර එල්ල කළ බවත්, එක් ප්‍රහාරයකින්, ළමා රෝහලක් විනාශ වූ බවත් වාර්තා වේ. රුසියන් ප්‍රහාරවලින් 36 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු අතර, 140 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය පවසයි.
මිසයිල ප්‍රහාරයෙන් විනාශ වූයේ ඔහ්මට්යාඩ් නමැති ළමා රෝහල් ගොඩනැගිල්ලය. රෝහලට එල්ල වුණු ප්‍රහාරයෙන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි.
ප්‍රහාරයත් සමඟ රෝහල් ගොඩනැගිල්ලේ පිපිරීම් කීපයක් සිදුවුණු බව ද වාර්තා වේ. පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන සහ ඉන්ද්‍රයන් බද්ධ කිරීම් සිදු කරන කීව් අගනුවර ප්‍රධාන පෙළේ රෝහලක් ලෙස ඔහ්මට්යාඩ් ළමා රෝහල සැලෙකයි.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ මා වඩාත් කැමති රටක් වේ නම් ඒ රුසියාවයි. නමුත් ඒ දැන් තිබෙන රුසියාව නොවේ. පාවෙල්, අන්ද්‍රේ, ද්වීදව්, ලුද්මිලා සහ නීලවුනා සිටි රුසියාවයි. කෙසේ වුවත් මෙලෙස සිවිල් ජනතාව ඉලක්ක කර සිදු කරනා පහරදීම් නින්දිතයි.
ඔය මෝදි එහේට ගියාට බටහිරින් දුන්නු තෑග්ගක්. දන්නෝ දනිති.