
යුක්රේනයේ වෙඩික්කරුවෙකු ඩිනිප්රෝ නගරයේ මිසයිල කර්මාන්ත ශාලාවක අලුයම 4 ට පමණ සිදු කළ වෙඩි තැබීමකින් හමුදා නිලධාරීන් පස් දෙනෙක් මියගොස් පස් දෙනෙක් තුවාල ලැබූහ.
සැකකරු අවුරුදු 20 ක ජාතික ආරක්ෂකයෙකු ලෙස සේවය කළ අයෙකු බව හදුනාගෙන ඇත . ඔහු කර්මාන්ත ශාලාවේ තිබූ ඒ.කේ -47 තුවක්කුවක් ගෙන මෙම වෙඩි තැබීම සිදුකර ගිනි අවිය සඟවා ගෙන හමුදා ඇදුමින් සැරසී වෙස් වලාගෙන පැනගොස් ඇත.
සැකකරු පැනයමින් සිටියදී වෙඩි තැබූ කම්හලට කිලෝ මීටර 20 ක් පමණ දුරින් ඇති නගරයකදී අත්අඩංගුවට ගෙන ඇත .මෙසේ වෙඩි තැබීමට හේතුව තවමත් අනාවරණය වී නැත.
සිද්ධිය වන අවස්ථාවේ කර්මාන්ත ශාලාවේ ආරක්ෂාවට හමුදා භටයින් 22 නෙකු සිට ඇත.
(විමුක්ති එස්. රුද්‍රිගු - අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd