නැගෙනහිර යුක්රේනයේ කාර්කිව් නගරයේ වැඩිහිටියන් සඳහා වෙන් කරන ලද නේවාසික නිවස්නයක ඇති වූ ගින්නකින් 15 දෙනකු මරණයට පත්ව ඇතැයි වාර්තා වේ.
මෙය වැඩිහිටියන් සඳහා සාත්තු කරන හෙද නිවස්නයක් බවත් එහි පිරිස නේවාසික සිටින බවත් වාර්තා විය.
සෝවියට් සමූහාණ්ඩුවට අයත් ව තිබූ රටක් වන යුක්රේනය දැන් ජනරජයකි. යුරෝපයේ දුප්පත්ම රටවලින් එකක් යැයි කියන යුක්රේනය යල් පැන ගිය සහ දුර්වල සෞඛ්‍ය පද්ධතියකින් පීඩා විඳියි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් එය “මහා ඛේදවාචකයක්” යැයි යුක්රේන ජනාධිපති වොලෝදිමීර් සෙලෙන්ස්කි පැවැසීය. ගින්න ඇති වන අවස්ථාවේදී ගොඩනැගිල්ලේ 33 දෙනකු සිටි බව ද යුක්රේන ජනාධිපතිවරයා කීය.
එම නිවස්නයේ දෙවැනි මහලේ මෙම ගින්න ඇති වී තිබේ.
ගින්නට හසුවීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් නවදෙනකු අසල පිහිටි රෝහල්වලට ඇතුළත් කළ බව ගින්න නිවීමේ කටයුතුවලට සම්බන්ධ වූ හදිසි සේවාවල නිලධාරියෙක් පැවැසීය.
ගින්නෙන් පුද්ගලයන් 11 දෙනකු තුවාල ලබා ඇතැයි නගර නිලධාරියෙක් පැවැසීය.
විදුලි හීටරයක් (ඉලෙක්ට්‍රික් හීටර) පමණ ඉක්මවා භාවිත කිරීම හේතුවෙන් මෙම ගින්න ඇති වී ඇතැයි ද එම නිලධාරියා කීය.
මාරාන්තික ගිනි ඇති වීම යුක්රේනය සුලබ තත්ත්වයකි. ආරක්ෂක නියාමන රෙගුලාසි නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සහ යල්පැන ගිය යටිතල පහසුකම් නිසි පරිදි නඩත්තු නොකිරීම ඊට ප්‍රධාන හේතුව වී තිබේ.
ඔඩේසා නගරයේ පිහිටි උසස් අධ්‍යාපන ආයතනයක 2019 වසරේ දෙසැම්බර් මාසයේ ඇති වූ ගින්නකින් 16 දෙනකු මියගොස් 30 දෙනෙක් තුවාල ලැබූහ.
නොසැලකිල්ල නිසා එම ගින්න ඇති වූ බව පසුව අනාවරණය වූ අතර ඒ හේතුවෙන් එම ආයතනයේ අධ්යක්ෂවරයා අත්අඩංගුවට පත්විය.
එම වසරේ ම එම නගරයේ පිහිටි ගොඩනැගිල්ලක ඇති වූ ගින්නක් හේතුවෙන් නවදෙනෙක් මරණයට පත්වූහ.
ඒ.එෆ්.පී.
055
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
යුක්රේනයේ ගින්නකින් 15ක් මරුට