යුක්රේනයේ නැගෙනහිර ප්‍රදේශයේ කර්කව් නගරය ආසන්නයේ පිහිටි දැවැන්ත ආයුධ ගබඩාවක් පිපිරීමට පටන්ගැනීම නිසා අවට පදිංචිව සිටි 20000ක පමණ පිරිසක් ඉවත්කර ඇතැයි වාර්තා වේ.
මෙම ස්ථානයේ මිසයිල, කාලතුවක්කු වැනි බර ආයුධ විශාල ප්‍රමාණයක් ද වෙඩිබෙහෙත් ටොන් දහස්ගනනක් ද ගබඩා කර තිබූ බව ද මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව ද යුක්රේන බලධාරීහු පවසති.
ආයුධ ගබඩාව හෙක්ටයාර 350ක පමණ ප්‍රදේශයක පැතිරී ඇති අතර ඊට කිලෝමීටර් 100ක් පමණ දුරින් ඇත්තේ යුක්රේන හමුදා සහ බෙදුම්වාදී කණ්ඩායම් අතර ගැටුම් පවතින කලාපයයි.


(පරිවර්තනය - බී.බී.සී. ඇසුරෙනි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටෙත් මෙහෙම දෙයක් වුනානේ. කෝ ඒ ගැන මුකුත්ම පරීක්ෂණයක් නැනේ. අපේ රටේ තිබුන වටිනාම යුධ ශක්තියක් ඉබේ ගිනි ගත්තද? නැත්නම් කඩාකප්පල් ක්‍රියාවක්ද? ජාත්‍යන්තරේ බලපෑමක්ද දන්නෙත් නැ