ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර විශේෂ හමුවක්, වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණි. සමුළුවේ ප්‍රධාන මාතෘතාව වූයේ යුක්රේනයයි.
මේ වනවිට ජනාධිපති පුටින්ගේ උපදෙස් පරිදි, රුසියන් හමුදා රුසියාවත් යුක්රේනයත් අතර දේශසීමාවේ රැඳී සිටී.
යුක්රේන බුද්ධි අංශ පමණක් නොව, ඇමෙරිකන් බුද්ධි අංශ පවා අනතුරු අඟවා ඇත්තේ, ලබන ජනවාරියේ හෝ පෙබරවාරියේ රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණය කරනු ඇති බවය.
යුක්රේන රජය පවසා ඇත්තේ එවැනි අක්‍රමණයක් සිදුවුවහොත්, ඊට මුහුණ දීමට තමන් සූදානමින් සිටින බවය. නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය පවසා ඇත්තේ, යුක්රේනයට සහාය පළ කරමින් රුසියාව සමඟ යුද වැදීමට තමන් පසුබට නොවන බවය. ඇමෙරිකාව ද නේටෝ සාමාජිකයෙකි.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කළොත්, රුසියාවට කිසිදු සමාවක් නොදෙන බවත්, රුසියාව අඩපණ කළ හැකි ආකාරයේ ආර්ථික සම්බාධක පැනැවීමට ක්‍රියා කරන බවත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කළේය. එම අවස්ථාවේදී රුසියන් ජනාධිපති පුටින් පිළිතුරු දුන්නේ යුක්රේනය ආක්‍රමණය කිරීමේ කිසිදු අදහසක් නොමැති බවය.
තම හමුදා යුක්රේන දේශසීමාවේ සීරුවෙන් තබා ඇත්තේ, යුක්රේන හමුදා නේටෝව සමඟ එක් වී කටයුතු කිරීම, රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බැවින් යැයි ද රුසියන් ජනාධිපති පුටින් ඇමෙරිකන් ජනාධිපති බයිඩන් ට පෙන්වා දුන්නේය.
වීඩියෝ හමුවට බයිඩන්, වොෂින්ටන් නුවර ධවල මන්දිරයේ සිට සම්බන්ධ වූ අතර, රුසියන් ජනාධිපති පුටින් එරට සෝචි නුවර නිවාඩු නිකේතනයක සිට සම්බන්ධ වූ බව ද පැවැසෙයි.
සෝවියට් සමූහාණ්ඩුව පැවැති සමයේ යුක්රේනය රුසියාවට අයත් කොටසක් විය. යුක්රේනය රුසියාවෙන් වෙන් වී ස්වාධීන රාජ්‍යයක් වීමෙන් පසු යුරෝපා රටවල් සමඟත් ඇමෙරිකාව සමඟත් යහපත් සබඳතා පවත්වයි. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට යුක්රේනය ඔවුන් සමඟ සිටීම උතුරුදිග ආසියානු කලාපයේත් යුරෝපා කලාපයේත් බලය තහවුරු කර ගැනීමට හොඳ අවස්ථාවකි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
615
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2305
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1715
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුක්රේනය ආක්‍රමණය කළොත් බලාගෙනයි
Bandara Wednesday, 08 December 2021 11:53 PM
ඇයි ඔහොම දේවල් චීනයට කියන්නේ?චීනය ,තායිවානය ආක්‍රමණය කලොත් බලාගෙනයි කියලා.බයයි නේද