
රුසියාව යුක්රේනය ආක්‍රමණය කළහොත්, එය මහා ව්‍යසනයක් තෙක් දුරදිග යන අර්බුදයක් බවට පත්වේවි යැයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කියයි.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මෙසේ කීවේ, යුක්රේනයේ සිටින බ්‍රිතාන්‍ය තානාපති නිලධාරීන්ට වහාම එරටින් පිටවී යන්නැයි උපදෙස් දීමෙන් අනතුරුවය.
රුසියානු හමුදා තවමත් යුක්රේන දේශසීමාවේ රැදී සිටින අතර ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් පවසා ඇත්තේ රුසියාව කොයි මොහොතේ හෝ යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් ගනු ඇති බවය.
රුසියාව යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයකට යොමු වුවහොත් ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවල් රුසියාවට එරෙහිව යුද වදිනු ඇති බවත්, බ්‍රිතාන්‍යයේ සහාය ද ඇමෙරිකාවට හිමිවනු ඇති බවත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැහැදිලි කර තිබේ.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd