IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


යුක්රේන හමුදා පසුබසිති

රුසියන් ප්‍රහාර හමුවේ යුක්රේන හමුදා පසුබෑමට ලක් වී සිටින බව යුක්රේන හමුදා ප්‍රධානී කර්නල් ජනරාල් ඔලෙක්සැන්දර් සිරිස්කී පවසයි. යුක්රේන හමුදා ප්‍රධානියා මෙසේ පැවැසුවේ, රුසියන් සෙබළු යුක්රේන හමුදාවට පහර දී නැගෙනහිර යුක්රේනයේ ගම්මාන තුනක් අත්පත් කරගත් අවස්ථාවේදීය.

නැගෙනහිර යුක්රේනය රුසියාවට මායිම් වී පිහිටයි. රුසියන් හමුදා නැගෙනහිර යුක්රේන නගර සහ පළාත් එකිනෙක අත්පත් කර ගනිමින් සිටී. ඒ, 2022 වසරේ පෙබරවාරියේ රුසියාව යුක්රේනයට එරෙහි හමුදා ක්‍රියාමාර්ගය අනුගමනය කළ අවස්ථාවේ සිටය.
රුසියන් හමුදා ප්‍රහාරවලින් බැටකන යුක්රේනයට ඇමෙරිකන් ඩොලර් බිලියන 61 ක යුද ආධාර පැකේජයක් ලබා දීමට ඇමෙරිකාව සූදානම් වෙයි. මෙම ජැකේජය සඳහා ඇමෙරිකන් සෙනට් මණ්ඩලයේ ද අනුමැතිය ලැබී ඇත.

යුක්රේන හමුදා ප්‍රධානී කර්නල් ජනරාල් ඔලෙක්සැන්දර් සිරිස්කී මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත්තේ එම ආධාර පැකේජය ලැබුණොත්, යුද පෙරමුණේ රුසියන් හමුදාවට අභියෝග කිරීමට යුක්රේන හමුදාවට හැකි වනු ඇති බවය. මේ අතර, හැකි ඉක්මනින් යුක්රේනයට යුද ආධාර ලබා දෙන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කර තිබේ.

 (ඒ.එෆ්.පී.)



අදහස් (0)

යුක්රේන හමුදා පසුබසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 20 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site