
රුසියන් ප්‍රහාර හමුවේ යුක්රේන හමුදා පසුබෑමට ලක් වී සිටින බව යුක්රේන හමුදා ප්‍රධානී කර්නල් ජනරාල් ඔලෙක්සැන්දර් සිරිස්කී පවසයි. යුක්රේන හමුදා ප්‍රධානියා මෙසේ පැවැසුවේ, රුසියන් සෙබළු යුක්රේන හමුදාවට පහර දී නැගෙනහිර යුක්රේනයේ ගම්මාන තුනක් අත්පත් කරගත් අවස්ථාවේදීය.
නැගෙනහිර යුක්රේනය රුසියාවට මායිම් වී පිහිටයි. රුසියන් හමුදා නැගෙනහිර යුක්රේන නගර සහ පළාත් එකිනෙක අත්පත් කර ගනිමින් සිටී. ඒ, 2022 වසරේ පෙබරවාරියේ රුසියාව යුක්රේනයට එරෙහි හමුදා ක්‍රියාමාර්ගය අනුගමනය කළ අවස්ථාවේ සිටය.
රුසියන් හමුදා ප්‍රහාරවලින් බැටකන යුක්රේනයට ඇමෙරිකන් ඩොලර් බිලියන 61 ක යුද ආධාර පැකේජයක් ලබා දීමට ඇමෙරිකාව සූදානම් වෙයි. මෙම ජැකේජය සඳහා ඇමෙරිකන් සෙනට් මණ්ඩලයේ ද අනුමැතිය ලැබී ඇත.
යුක්රේන හමුදා ප්‍රධානී කර්නල් ජනරාල් ඔලෙක්සැන්දර් සිරිස්කී මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත්තේ එම ආධාර පැකේජය ලැබුණොත්, යුද පෙරමුණේ රුසියන් හමුදාවට අභියෝග කිරීමට යුක්රේන හමුදාවට හැකි වනු ඇති බවය. මේ අතර, හැකි ඉක්මනින් යුක්රේනයට යුද ආධාර ලබා දෙන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කර තිබේ.
(ඒ.එෆ්.පී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd