IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


යුක්රේන හිතවාදී පළාත් ස්වාධීන රාජ්‍ය ලෙස පිළිගනී

යුක්රේනයට අයත්, යුක්රේන පාලනය ප්‍රතික්ෂේප කරන, රුසියානු හිතවාදී පළාත්, ස්වාධීන රාජ්‍ය ලෙස පිළිගන්නා බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ජාතිය අමතමින් පැවැසීය.

යුක්රේනයේ රුසියන් හිතවාදී බෙදුම්වාදීන්ට අයත් පළාත් ලෙස සැලකෙන්නේ රුසියන් දේශසීමාවට යාබදව පිහිටි ඩොනෙස්ක් සහ ලුහාන්ස්ක් යන පළාත්ය. මෙම පළාත්, රාජ්‍යයන් ලෙස රුසියාව නිල වශයෙන් පිළිගත් පළමු අවස්ථාව මෙයයි.

‘මා මේ තීරණය ගැනීම කළ යුතුව තිබුණේ අද නොවෙයි, මීට වසර කීපයකට පෙරයි. ඩොනෙස්ක් ජනතා ජනරජ සහ ලුහාන්ස්ක් ජනතා ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගැනීමට මා වහාම තීරණය කළා.’ යැයි රුසියන් ජනාධිපති පුටින්, රුසියානු ජාතික රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් පැහැදිලි කළේය.

ඩොනෙස්ක් සහ ලුහාන්ස්ක් යුක්රේන පාලනය ප්‍රතික්ෂේප කරමින් රුසියාවට සහාය පළ කරන්නේ 2014 වසරේ සිටය.

2014 දී රුසියාව, මේ අයුරින්ම යුක්රේන පාලනය ප්‍රතික්ෂේප කළ යුක්රේනයට අයත් ක්‍රිමියා අර්ධද්වීපය ආක්‍රමණය කළේය. ඒ, ක්‍රිමියා අර්ධද්වීපයේ රුසියන් හිතවාදී සන්නද්ධ බෙදුම්වාදීන්ගේ සහාය ඇතිවය. අදත් ක්‍රිමියා අර්ධද්වීපය රුසියාවට අයත් කොටසක් ලෙස සැලකෙයි.

2014 වසරේ සිට මේ දක්වා ඩොනෙස්ක් සහ ලුහාන්ස්ක් පළාත්වලට රුසියාව නිල නොවන මට්ටමින් මුදල් ආධාර ලබා දෙමින් සිටී. බෙදුම්වාදී සටන්කාමීන්ට අවි ආයුධ ලබා දෙන්නේ ද රුසියාව බව රහසක් නොවෙයි.

ඩොනෙස්ක් සහ ලුහන්ස්ක් යන පළාත් ස්වාධීන රාජ්‍යයන් ලෙස නිල වශයෙන් පිළිගැනීමත් සමඟ නිල වශයෙන් එම පළාත්වලට ආධාර ලබා දීම රුසියාවට කළ හැකිය.ඩොනෙස්ක් සහ ලුහාන්ස්ක් බෙදුම්වාදීන් යුක්රේන හමුදා සමඟ යුද වදින්නේ නම්, රුසියාව ඔවුන්ට සහාය ලබා දෙනු ඇත.

රුසියාව යුක්රේනය අක්‍රමණය නොකරනු ඇති බවත් ක්‍රිමියා අර්ධද්වීපය රුසියාවට එක් කර ගත් ආකාරයට ඩොනෙස්ක් සහ ලුහාන්ස් ද රුසියාවට එක් කර ගනු ඇතැයි ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඩොනෙස්ක් සහ ලුහාන්ස් පළාත් එකට ගත් කළ හැඳින්වෙන්නේ 'ඩොන්බාස්' යනුවෙනි. 2014 වසරේ සිට සටන් විරාසයක් පැවැතියත්, බෙදුම්වාදීන් සහ යුක්රේන හමුදා අතරේ විටින්විට ගැටුම් පවතින අතර එම ගැටුම් හේතුවෙන් 15,000 කට වැඩි පිරිසක් මියගොස් තිබේ.රුසියානු යුක්රේන අර්බුදය ඔඩුදිවීමත් සමඟ 1,550 වාරයක් එය උල්ලංඝනය කර ඇති බවට චෝදනා එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත.

ඩොනෙස්ක් සහ ලුහාන්ස් පළාත් ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගැනීමට රුසියන් ජනාධිපතිවරය තීරණය කිරීම 'නෝටෝ' සංවිධානයේ දැඩි විරෝධයට හේතුවක් වී තිබේ. යුක්රේනය නේටෝ සාමාජිකයකු නොවුණත්, 'නේටෝ' හිතවාදී රාජ්‍යයකි.

රුසියාවත් යුක්රේනයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ ද මේ නිසාය. යුක්රේනය නේටෝ හිතවාදී රාජ්‍යයක් වීම රුසියාවේ ජාතික ආරක්ෂාට තර්ජනයකි. ජාතිය ඇමැතූ අවස්ථාවේදී ද යුක්රේනය නේටෝව සමග එක් වීම රුසියාවේ ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් බව පුටින් පෙන්වා දුන්නේය.

රුසියන් ජනාධිපතිවරයා ඩොනෙස්ක් සහ ලුහාන්ස් පළාත් සම්බන්ධයෙන් ගත් තීරණය මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි සැසියක් ද පැවැත්විණි. එහිදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයකු වන චීනය රුසියාවට පක්ෂපාතී වෙමින් කියා සිටියේ යුක්රේනය සම්බන්ධයෙන් රුසියාව කරන ඉල්ලීම්වලට ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවල් කන් දිය යුතු බවය.

(රොයිටර්)



අදහස් (0)

යුක්රේන හිතවාදී පළාත් ස්වාධීන රාජ්‍ය ලෙස පිළිගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 583 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2273 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site