
බ්‍රිතාන්‍ය ‘කොන්සවර්ටිව්’ පක්ෂ නායකත්වයෙන් ඉවත් වී අග්‍රාමාත්‍ය ධුරයෙන් ද සමුගන්නා බොරිස් ජොන්සන්ට යුක්රේනයේ පුරවැසිභාවය ලබා දෙමින්, ඔහුට යුක්රේනයේ අග්‍රාමාත්‍ය ධුරය පිරි නැමීමට යුක්රේන වැසියන් පෙත්සමකට අත්සන් කරන බව වාර්තා වේ. මේ වනවිටත් එම පෙත්සමට අත්සන් 2,500 ක් ලැබී ඇතැයි ද පැවැසෙයි.
බොරිස් ජොන්සන් යුක්රේන වැසියන්ගේ ආදරයටත් ගෞරවයටත් පාත්‍ර වූ චරිතයකි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස යුක්රේන රජයට මූල්‍ය ආධාර ලබා දීමටත්, යුක්රේන හමුදාවට අවි ආයුධ සහ පුහුණුව ලබා දීමටත් කටයුතු කළේ ජොන්සන්ය.
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට සහාය පළ කරමින් ජොන්සන් අවස්ථා දෙකකදී යුක්රේනයට පැමිණ යුක්රේන වැසියන්ගේ සුවදුක් විමසා බලා තිබේ. යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ බොරිස් ජොන්සන් අතරේ පවතින්නේ ද සමීප මිත්‍රත්වයකි.
බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. වත්මන් පාලක පක්ෂය වන්නේ ‘කොන්සවර්ටිව්’ පක්ෂයයි. ජොන්සන්ට පක්ෂ නායකත්වය අහිමි වූයේ ඔහු පක්ෂ නියෝජිතයන්ගේ සහ ‘කොන්සවර්ටිව්’ පක්ෂ මන්ත්‍රීවරුන්ගේත් අප්‍රසාදයට පත් වුණු බැවිනි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙත් ඉන්නේ අපේ වගේම වහල් ජනතාවක්. යුද්දෙට උදව් කරන්නේ ආයුධ විකුණාගන්න මිස වෙන මොකටද?..
ඒක හරි... පිස්සන් කොටුවටනේ පිස්සෙක් දාගන්නේ...
අනේ අපේ ජොනියාව දීලා දාමු... නමේ පොඩි වෙනසයි තියෙන්නේ..!