යුක්රේන ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානා දෙකක් නැගෙනහිර යුක්රේනයේ දී ප්‍රහාරයකින් බිම දමා ඇතැයි එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. මේ ප්‍රහාරය එල්ලවූයේ 298 දෙනකු සමග මලයාසියා යානය විනාශ වී සතියක් ගතවීමට පෙරදී ය.
එම ප්‍රහාරය ගැන චෝදනා එල්ල වූයේ නැගෙනහිර යුක්රේනයේ කඳවුරු බැඳන් සිටින රුසියානු කැරලි කරුවන්ටය. කැරළිකරුවන් පවසන්නේ එම ප්‍රහාරයට ඔවුන් කිසියම් සම්බන්ධයක් නොමැති බවයි.
කැරළිකරුවන්ගේ ග්‍රහණයේ ඇති සැවුර් මොගිලාහි දී සුකෝයි-25 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා දෙකක් අද පස්වරු 1.30ත් 2.00 ත් අතර කාලයේ දී බිම හෙලා ඇත.
යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක ඔලෙක්සි ඩ්‍රිමිට්‍රාස්කොවොස්කි පවසන්නේ මෙම යානාවල එක් යානාවක දෙදෙනෙක් පමණ සිටි බවයි.
කැරළි කරුවන් විසින් බක් මිසයිල රඳවා ඇති ස්නිෂින් සහ ටෝරිස් නගරවලට සැතපුම් පහක් දකුණින් හා එම්.එච්.17 යානය කඩා වැටුණු ස්ථානයට සැතපුම් විස්සක් පමණ දකුණු දෙසින් මේ යානා දෙක විනාශ වී තිබේ.
2025 දෙසැම්බර් මස 18
574
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුක්රේන යානා දෙකක් විනාශයි
බාලා Thursday, 24 July 2014 02:40 PM
මහරූෆ්, පුටින්ගෙන් පරිස්සම් වෙන්න (නදී)
මහරුෆ් Wednesday, 23 July 2014 04:10 PM
පුටිං ප්‍රවේශම් වුණා නම් හොඳයි වගේ. (නි)
ගාමිණී Thursday, 24 July 2014 08:53 AM
තාක්සනයේ දියුණුව මිනිසාගේ අවසානයයි (නදී)
චමින්ද Thursday, 24 July 2014 10:40 PM
කොමියුනිස්ට් රටවල් වලට ලැදි නායකයින් නැති තැන මෙවැනි දේවල් බලාපොරොත්තු විය යුතුයි. (නි)
සුගත් Thursday, 24 July 2014 03:29 AM
මහරූෆ් මොනවා කරන්නද? (නදී)
සමන් Friday, 25 July 2014 01:21 AM
ප්‍රහාරක ගුවන්යානා මෙම ප්‍රදේශයට පැමිණියේ ඇයි? (නි)
පියලාල් Thursday, 24 July 2014 04:23 AM
කන බොන බේත්වල මිල නැගල අපිට අහස උසට ප්‍රශ්න. යුක්රේන් වල ගරිල්ලෝ ගහනවා අපට ආණ්ඩුව ගහනවා (නදී)
කිටී Thursday, 24 July 2014 04:25 AM
බොහෝ දුරට මෙය රුසියානු හිතවාදී යුක්රේන කැරලිකරුවන්ගේ ක්‍රියාවක් විය හැකියි. මොකද යුක්රේනය වෙනත් සන්නද්ද කණ්ඩායමක් සමග යුද්දයක පැටලී නැහැ. මෙම මොහොතේදී කෙසේ උවත් කැරලිකරුවන්ගේ සන්නද්ද බව මෙයින් හොදින් සිතාගත හැකියි. (නදී)
උදාර Thursday, 24 July 2014 04:25 AM
ගුවන් යානයක් වැටුනම ගහපු කෙනෙක් නැහැනේ (නදී)
උදය Friday, 25 July 2014 11:43 AM
ලිබියාවේ ඉරාකයේ වුණාට වැඩිය වෙනස් දෙයක් තමයි වෙන්නේ (නි)
අප්පුහාමි Friday, 25 July 2014 03:22 AM
ප්‍රභාකරන් තවමත් ජීවතුන් අතර සිටියා නම් ලංකාවෙත් මේ වගේ සිදුවීම් සිදුවිය හැකිව තිබුනා. (නදී)