යුක්රේනයේ කැරලිකරුවන්ගේ ග්‍රහණයේ පවතින නැගෙනහිර කොටසේ ගල් අඟුරු ආකරයක වායු පිපිරීමකින් පතල් කම්කරුවන් 30 දෙනෙක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
මෙම අනතුර සිදුව ඇත්තේ සස්යඩ්කෝ ගල්අඟුරු ආකරයේය. වසර 8 කට පෙර යුක්රේනයේ 101 දෙනෙක් මරු මුවට පත්කරමින් සිදුවු පතල් අනතුරින් පසුවු දරුණුම පතල් අනතුර මෙය බවද වාර්තාවේ.
පතල් කම්කරුවන්ගේ ඥාතීන් සිද්ධිය වු ස්ථානයේ තොරතුරු බලාපොරොත්තුවෙන් එක් රොක් වී ඇති බවද එම වාර්තාවල සඳහන්ය. විදෙස් මාධ්‍ය පවසන්නේ අනතුරට පත්වූවන් බේරාගැනීමට අවශ්‍ය සම්පත් යෙදවීමේ හැකියාවක් කැරළිකරුවන්ට නොමැති බවයි.
රජයේ ගලවාගැනීම් කණ්ඩායම්වලට සහ පොලීසියට අනතුර සිදුවු පතල වෙත යාමට ඉඩ දෙන ලෙස යුක්රේනයේ ජනාධිපති පෙට්රෝ පොරොෂෙන්කෝ කැරළිකරුවන්ගෙන් ඉල්ලීම් කැර ඇත. අනතුර සිදුවු ගල් අඟුරු ආකරයේ වෘත්තීය සංගම් නිලධාරියෙක් යුක්රේන රෑපවාහිනියට පවසා ඇත්තේ මෑත දිනයන්හි මෙම ගල් අඟුරු පතල පිහිටි ප්‍රදේශය තුල සටන් නොපැවතුනු බවයි.
යුක්රේණය තුල ගැටුම් ඇති වීමට පෙරද ගල් අගුරු පතල් හි හදිසි අනතුරු බහුලව පැවතිනි. මිට හේතුව ගල් අඟුරු ආකරයන්හි ආරක්ෂක ප්‍රමිතීන් ඉතාමත් දුර්වල මට්ටමක පැවතීම බව විශේෂඥයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලගේ දරුවෝ කොහොමද ජිවත් වෙන්නේ. ඉක්මනට බේරලා දෙන්න. පව් අහිංසකයෝ.(නදී)