යුක්රේනයට යුරෝපා සංගමය ආධාර ලෙස ලබා දීමට පොරොන්දු වූ යුරෝ බිලියන 9 ක මුදලෙන් ලබා දීමට ඇති ඉතිරි යුරෝ බිලියන 8 ක මුදල තවමත් ලබා නොදීම සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි කෝප වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
යුක්රේන අයවැයෙන් යැපෙන විශ්‍රාමිකයන්, රජයේ සේවකයන්, අවතැන් වූ පුද්ගලයන් සහ අනිකුත් යුක්රේන වැසියන් තම රට සමඟ සිටීමට ගත් තීරණය හේතුවෙන් ප්‍රාණ ඇපකරුවන් නොවිය යුතු බව ඇතැම් යුරෝපා සංගමයේ නායකයින්ට මතක් කර දීමට සිදුව ඇතැයි ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පැවසුවේය.
යුක්රේනයට ආධාර ලෙස ලබා දීමට පොරොන්දු වූ යුරෝ බිලියන 8 ක මුදල තවකාලිකව අත්හිටුවා ඇති බවත් මෙම කෘතිම ප්‍රමාදය යුරෝපා සංගමය අතින් සිදු වූ අත් වැරද්දක් හෝ අපරාධයක් බවත් ජනාධිපති සෙලෙන්ස්කි පෙන්වා දුන්නේය.
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරින් පමණක් ආධාර ලෙස යුරෝ බිලියන 1 ක මුදලක් ලැබුණු බවත් ජර්මනිය ඇතුළු ඇතැම් යුරෝපා රටවල් යුරෝපා සංගමය ලබා දීමට පොරොන්දු වූ ඉතිරි යුරෝ බිලියන 8 ක මුදල රඳවා ගෙන සිටින බවත් යුක්රේන ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
යුක්රේන ජනපතිට තරහා ගිහිල්ලා