
යුක්රේනයේ ඛනිජ ද්‍රව්‍ය සම්බන්ධයෙන්, ඇමෙරිකාව සමඟ ගිනිසුමකට අත්සන් තැබීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ධවල මන්දිරයට පැමිණියේය.
ධවල මන්දිරයට පැමිණි යුක්රේන ජනාධිතිවරයා උණුසුම් අයුරින් පිළිගැනීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළේය.
පසුව, ධවල මන්දිරයේ ඔවල් කාර්යාලයේ දී ට්‍රම්ප් සහ සෙලෙන්ස්කී අතරේ සාකච්ඡා පැවැත්වුණු අතර, ඇමෙරිකන් උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ද ඊට එක් විය.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් මැදිහත් වී සිටින අතර, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී, සෙලෙන්ස්කි, ට්‍රම්ප් සහ ජේ.ඩී. වැන්ස් උණුසුම් වාදයකට පැටලුණාහ.
බයිඩන් පරිපාලනය දිගින් දිගටම අවි ආයුධ සහ මුදල් දෙමින්, යුක්රේනයට ආධාර කිරීමෙන් රුසියන් යුක්රේන යුද්ධය ඔඩුදුවා ඇති බවත්, තෙවැනි ලෝක යුද්ධයක් ඇති වීම වළක්වමින්, තමන් හඳුන්වා දී ඇති සටන් විරාම සාම වැඩපිළිවෙළට එක් වන ලෙසත් ට්‍රම්ප් සහ වැන්ස් දෙදෙනා සෙලෙන්ස්කිට බල කරන්න වූහ.
සෙලෙන්ස්කී කරුණු පැහැදිලි කිරීමට උත්සාහ ගත්තත්, මට උපදෙස් දෙන්න ඔබට අයිතියක් නැතැයි කියමින්, ජනපති ට්‍රම්ප්, සෙලෙන්ස්කී කී කිසිවකට ඇහුම්කන් දීමට ඉදිරිපත් වූයේ නැත.
අවසානයේ ට්‍රම්ප් සෙලෙන්ස්කී සහ ඔහු සමඟ පැමිණ සිටි යුක්රේන නියෝජිත කණ්ඩායම ධවල මන්දිරයෙන් නෙරපා දැමීමටත්, ඇමෙරිකාවෙන් වහා පිටවන ලෙසත් දැනුම් දුන් බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.
තමන් සමඟ එකට එක කීමට උත්සාහ ගැනීමෙන් සෙලෙන්ස්කී තමන්ටත්, ඇමෙරිකන් පුරවැසියන්ටත් අගෞැව කළේ යැයි ට්‍රම්ප්, සෙලෙන්ස්කීට දොස් නගා ඇත.
මේ අතර, ධවල මන්දිරයේ ඔවල් කාර්යාලයේ දී ට්‍රම්ප් සමග එකට එක කියමින්, ට්‍රම්ප්ට අපහාස කළ සෙලෙන්ස්කී 'මෝඩයකු' බව රුසියාව පවසා ඇත.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෝකරයෙකුට, පචයෙකුට රට භාරදුන්නහම වෙන විනාශය අනිත් රටවලට ආදර්ශයක් වේවා.
සෙලෙන්ස්කියා මෝඩයා බව අපි ඒ දවස්වල ඉඳලාම දන්නවා. ඌටයි උගෙ ගැස්තරයන්ටයි නොතේරුනාට. ලෝකේ බල තුලනයක් කවදාවත් තිබිලා නෑ, තියෙන්නෙත් නෑ. ඒක මාක්ස්වාදීන්ගෙ හිතලුවක් විතරයි. සාමාන්‍ය පොඩි රටක ඔලුවක් තියෙන පාලකයෙක් කරන්නෙ ෂේප් එකේ බලවත් රටවල් මිතුරුකමෙන් තියාගෙන වැඩේ ඇදගෙන යන එකයි. සෙලෙන්සි නිකං රා බීපු මීයා වගේ කෑ ගහන්න ගිහින් උගෙ මුලු රටම ආගාදෙකට දැම්මා. හොඳ පාඩම කාට කාටත්.
කපන්න තිබුනේ දෙහි නෙමෙයි .
ට්‍රම්ප් කවුද කියල මුළු ලෝකෙටම දැන් පේනවා නේ .
තමන්ගේ රටේ ඒකීය භාවය ගැන භෞමික අඛණ්ඩතාවය ගැන පමණක් තප්පුලන සමහරක්ට අනුන්ගේ රටක ස්වාධිනත්වය පිළිබද වැටහීමක් නැති එක අරුමයක් නොවෙයි...පුටින්ට තමන්ගේ රටේ ආරක්ෂාව තරකර ගන්නවා විනා, අනුන්ගේ රටක ස්වාධිනත්වයට බලපෑම් කිරීම සාධාරණද? ට්‍රම්ප් යුක්රේනය මංකොල්ල කෑමට උපක්‍රම යොදමින් සිටිනු බව පෙනේ. රාජ්‍ය නායකයෙකුට නොසැලකිය යුතු අන්දමේ කුරිරු හැසිරීමක් ට්‍රම්ප් පෙන්නුම් කර ඇත. මේ තුල යුක්රේන හිතවාදී යුරෝපය හා ඇමරිකාව අතර අර්බුධයක් ඇතිවීම වැළක්විය නොහැකියි. අනුන් මත අධික විශ්වාසය තැබූ සෙලෙන්ස්කි අසරණවී ඇත...සෙලෙන්ස්කි තුන්වන ලෝක යුද්ධය සමග සුදුවේ යෙදෙන බවට චෝදනා කල ඇමරිකානු ජනාධිපති දැන හෝ නොදැන, තුන්වන ලෝක යුද්ධයකට පාර කපමින් සිටින බව නම් පැහැදිලියි...මම නම් ඔය රාජ්‍ය නායකයින්ට කියන්නේ යුක්රේනය නිදහස් කොට, මේ අමනයින්ගෙන් (කටින් පුටින්ලාගෙන් ) සන්නද්ධ වී තිබෙන දේශය ආක්‍රමණය කොට , මේ රට ශිෂ්ඨ සම්පන්න දේශයක් බවට නිර්මාණය කල යුතු බවයි..
මේක අරුම දෙයක් නෙමේ…. ඈමරිකන් උන් කොහොමත් ඔහිමයි… උන් ආගම උලුව උඩ තියාගෙන හිටියට උන්ගේ ආගම අනිත් මිනිහා තලා පෙලා දාන හෑටි තමා උගන්නන්නේ…. පේන්නේ නෑද්ද ජුලී චුන්ග් …? ජුලී චුන්ග් අපේ ආන්ඩුවේ උන්ටත් ඔය වගේ දෙහි කපනව හෑමදාම