
බ්‍රිතාන්‍ය සංචාරය අවසන් කළ සැණින්, සෙලෙන්ස්කී සිය ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිවරාගෙන ප්‍රංශයේ පැරිස් අගනුවර බලා ගියේය.
පැරිස් අගනුවරදී ප්‍රංශ ජනාධිපති මැක්රොන්ගෙන් ද යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කීට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමෙන් පසු යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී පැරිස් අගනුවර බලා පැමිණි පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.
පැරිසියට ආ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී පිළිගැනීමට ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් ද පැමිණ සිටියේය. රුසියන් ප්‍රහාරවලට මුහුණ දීමට යුක්රේනයට අවශ්‍ය සහාය දිගටම ලබා දෙන බවට ප්‍රංශ ජනාධිපති මැක්රොන් සහ ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස්, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී හමුවේ ප්‍රතිඥා දුන්නේය.
රුසියන් යුක්රේන යුද්ධයේ දී රුසියාවට ජයග්‍රහණය කිරීමට ඉඩ ලබා දිය යුතු නැතැයි යන්න තම ස්ථාවරය යැයි ප්‍රංශ ජනාධිපති සහ ජර්මන් චාන්සලර් පැහැදිලි කර තිබේ. ප්‍රංශ සංචාරය අවසන් කිරීමෙන් පසු සෙලෙන්ස්කී බෙල්ජියමේ බ්‍රසල් නුවරට ගොස් යුරෝපා සංගමයේ නායකයන් හමුවීමට නියමිතය.
(ඒ.එෆ්.පී)
2025 නොවැම්බර් මස 04
313
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2130
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුක්රේන ජනපති සෙලෙන්ස්කී ප්‍රංශයේ