IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


යුක්රේන ජනපති ජගත් සමුළුව අමතයි

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමැතුවේය. යුක්රේන ජනාධිපතිවරයා නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ පැවැත්වෙන මහා මණ්ඩල සැසිය ඇමැතුවේ වීඩියෝ පණිවුඩයකිනි.

යුක්රේනය ආක්‍රමණය කිරීම, රුසියාව කළ දරුණු අපරාධයක් බව පෙන්වා දෙමින්, ඒ සම්බන්ධයෙන් රුසියාවට දඬුවම් කළ යුතු බවත් රුසියාවට දඬුවම් ලැබිය යුතු බවත් ජනාධිපති සෙලෙන්ස්කී අවධාරණය කළේය. රුසියාව, යුක්රේනයේ සිදුකරන අපරාධ පිළිබඳව ද ලෝක නායකයන් දැනුවත් කිරීමට යුක්රේන ජනාධිපතිවරයා සමත් විය.

රුසියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙකි. ඒ අනුව, රුසියාවට නිෂේධ බලය හිමිය. එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ සෙසු රටවල් රුසියාවට එරෙහිව කුමන තීරණය ගත්තත්, ඊට විරුද්ධ වීමට ඒ අනුව රුසියාවට හැකියාව ලැබේ. යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී ජගත් මහ සමුළුව අමතමින් ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටියේ රුසියාවට හිමි මෙම නිෂේධ බලය ඉවත් කරන ලෙසය.

යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, වීඩියෝ පණිවුඩයක් මගින් ජගත් මහ සමුළුව ආමන්ත්‍රණය කළේ ඒ සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ඡන්ද විමසුමකින් ද පසුවය. ඊට විරෝධය දැක්වූයේ රුසියාව සහ රුසියාවට හිතවත් රටවල් කීපයක් පමණි. ඉන්දියාව පවා සෙලෙන්ස්කීට අවසර දෙන්නැයි ඡන්දය ප්‍රකාශ කර තිබුණි. සෙලෙන්ස්කීට සමුළුව ඇමැතීමට අවසර ලැබුණේ ඒ අනුවය.

(රොයිටර්)



අදහස් (0)

යුක්රේන ජනපති ජගත් සමුළුව අමතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 478 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2226 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1670 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site