
දෙවැනි එලිසබත් මහ රැජිනගේ දේමයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි යුක්රේන ජනාධිපති ආර්යා ඔලේනා සෙලන්කා සහ වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින්වෙන කේට් මිඩ්ල්ටන් හමුවිය.
පසුගිය පෙබරවාරි 24 වැනිදා, රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු යුක්රේන ජනාධිපති ආර්යාව මහා බ්‍රිතාන්‍යයේ සංචාරයක නියැළෙන පළමු අවස්ථාව මෙයයි.
රුසියන් ආක්‍රමණය හමුවේ යුක්රේන වැසියන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති ආර්යාව සහ වේල්සයේ කුමරිය අතරේ සාකච්ඡා කෙරුණි.
වෙස්ට් මිනිස්ටර් ශාලාවේ මහජන ගෞරවයට තැබුණු දෙවැනි එලිසබත් මහ රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට යුක්රේන ජනාධිපති ආර්යාව ගියේ යුක්රේන අග්‍රාමාත්‍ය ඩෙනිස් ෂ්මිගාල් සහ බ්‍රිතාන්‍යයේ යුක්රේන තානාපති වැඩිම් ප්‍රිස්ටයිකෝ ද සමඟය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd