
යුක්රේන ජනපති ආර්යා ඔලීනා සෙලෙන්ස්කා ඇමෙරිකාවේ සංචාරයක නියැළෙයි. රුසියන් ආක්‍රමණය හමුවේ යුක්රේනය මුහුණ දෙන තත්ත්වය සම්බන්ධයෙන් ඇමෙරිකාව දැනුවත් කිරීම ඇගේ මෙම සංචරයේ අරමුණ බව පැවැසෙයි.
ධවල මන්දිරයට පැමිණි ඔලීනා සෙලෙන්ස්කාට සූර්ය කාන්ත මල් කලඹක් පිරිනමමින්, මහත් හරසරින් පිළිගැනීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් කටයුතු කළහ.
ධවල මන්දිරයට යෑමට පෙර ඔලීනා සෙලෙන්ස්කා සහ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අතරේ හමුවක් පැවැත්විණි.
ඔලීනා සෙලෙන්ස්කා යුක්රේන රජයේ කිසිදු නිල තනතුරක් දරන්නේ නැත. ඇය මෙම ඇමෙරිකන් සංචාරයේ නියැළෙන්නේ තම සැමියා යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී නියෝජනය කරමිණි.

ඒ අනුව, සෙලෙන්ස්කාගේ මෙම සංචාරයට මාධ්‍ය අවධානය දිනාගෙන තිබේ. සෙලෙන්ස්කා සමග යුක්රේන නියෝජිත පිරිසක් ද ඇමෙරිකා සංචාරයට එක් වී සිටින බව වාර්තා වේ. ඔලීනා සෙලෙන්ස්කා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු කාර්යාංශයේ ප්‍රධානී සමන්තා පවර් අතරේ ද හමුවක් පැවැත්විණි.
ධවල මන්දිරයට පැමිණීමට පෙර සෙලෙන්ස්කා වොෂින්ටනයේදී යුක්රේනය වෙනුවෙන් සම්මානයක්ද ලබාගත්තාය. යුක්රේනයට එම සම්මානය පිරිනැමීම සිදුවූයේ කොමියුනිස්ට්වාදයේ වින්දිතයන් අනුස්මරණ පදනමේ මැදිහත් වීමෙනි. ඇමෙරිකන් කොංග්රස් මණ්ඩලය ආමන්ත්‍රණය කිරීමට ද සෙලෙන්ස්කා ට අවස්ථාවක් හිමි විය.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යුක්රේන ජනපති ආර්යාව ඇමෙරිකාවේ