
ව්ලොදිමීර් සෙලෙන්ස්කී, යුක්රේන ජනාධිපති ලෙස එම ධුරයේ රැඳී සිටීමේ නීත්‍යාණුකූලභාවය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත විය.
සෙලෙන්ස්කී ජනාධිපති ධුරයේ රැඳී සිටීමේ නීත්‍යාණුකූලභාවය සම්බන්ධයෙන් ප්‍රශ්න කළේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ඒ, රුසියන් යුක්රේන යුද්ධය මුල්කාට ගනිමිනි.
රුසියන් යුක්රේන යුද්ධයට මේ වනවිට වසර 3 ක් ගත වී ඇත. යුද්ධය පැවැති කාලය ඇතුළත, සෙලෙන්ස්කීගේ ධුර කාලය අවසන් වූ බවත් සෙලෙන්ස්කී ජනාධිපතිවරණයක් පැවැත්වීමට කිසිදු උනන්දුවක් නොදැක්වූ බවටත් ට්‍රම්ප් චෝදනා කරයි.
ට්‍රම්ප් චෝදනා කර ඇත්තේ සෙලෙන්ස්කී යුක්රේනයේ නීත්‍යාණුකූල ජනාධිපතිවරයා නොවන බවටය. එම නිසාම යුක්රේන ජනාධිපති සෙලෙස්න්කී ඒකාධිපතියකු බවට ද චෝදනා කළේය.
ඒ අනුව, සෙලෙන්කිගේ ජනාධිපති ධුරය සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරුණු අතර, යුක්රේන පාර්ලිමේන්තුවට එම යෝජනාව ඉදිරිපත් විය. පාර්ලිමේන්තු සාමාජිකයන් 268 දෙනාගෙන්, එම යෝජනාවට විපක්ෂව ඡන්දය පළ කළේ 12 දෙනකු පමණි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd