IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


යුක්රේන ජනාධිපති යුද පෙරමුණේ

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී එරට යුද ගැටුම් දරුණු ලෙස සිදුවන නැගෙනහිර පළාත්වල සංචාරය කළේය.

පසුගිය පෙබරවාරි 24 වැනිදා රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමන කිරීමෙන් පසු යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, නැගෙනහිර යුක්රේනයේ සංචාරය කළ පළමු අවස්ථාව වන්නේ මෙයයි.

නැගෙනහිර යුක්රේනය මායිම් වන්නේ රුසියාවටය. ඩොනෙස්ක් සහ ලුහාන්ස්ක් යන නගර ද ඇතුළු, රුසියන් හිතවාදී රුසියන් බස කතා කරන වැසියන් බොහෝ දෙනකු වාසය කරන ‘ඩොන්බාස්’ පළාත ඇත්තේ ද නැගෙනහිර යුක්රේනයේය.

රුසියන් හමුදා, ඩොන්බාස් පළාතේ යුක්රේන විරෝධී බෙදුම්වාදීන් සමඟ එක් වෙමින්, එම පළාතේ නගර රැසක් අත්පත් කරගෙන සිටින බව පැවැසෙයි. යුක්රේන හමුදා එම නගර බේරා ගැනීමටත්, සෙසු නගර රුසියන් හමුදාවට අත්පත් වීම වළක්වා ගැනීමටත් සටන් වදී.

වෙඩි නොවඳින කබායකින් ද සැරැසී, සිය ආරක්ෂක නිලධාරීන් ද පිරිවරා ගනිමින්, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී කාර්කීව් පළාතේ සංචාරය කළේය. කාර්කීව් පළාතේ දරුණු ගැටුම් පසුගිය දිනවල පැවැති නමුත්, නගරයහ ආක්‍රණයට කිරීමට උත්සාහ ගත් රුසියන් හමුදා පලවා හැරීමට යුක්රේන සෙබළුන් සහ එම පළාතේ වැසියෝ සමත් වූහ.

ජනාධිපති සෙලෙන්ස්කී රුසියන් ප්‍රහාරවලින් විනාශ වුණු ගොඩනැගිලි සහ නිවාස නිරීක්ෂණය කළේය. ‘රුසියන් ප්‍රහාරවලින් විනාශ වූ ගොඩනැගිලි ගණන 2,229 ක්. කුඩා නගර සහ ගම්මාන රැසක් මුළුමනින්ම විනාශ වෙලා. ඒත් අප මේ සියල්ල යළි ගොඩනගනවා. ජාත්‍යන්තරයේ ආධාර අපට ලැබී තිබෙනවා.’ යැයි සෙලෙස්කී පැවැසීය.

යුක්රේන ජනාධිපතිවරයා කාර්කීව් පළාතේ මෙසේ සංචාරය කිරීම යුක්රේන හමුදා සොල්දාදුවන්ට පමණක් නොව, යුද්ධයට සම්බන්ධ වී තම ගම්බිම් වෙනුවෙන් සටන් වදින කාර්කීව් පළාතේ වැසියන්ට ධෛර්යයක් වූ බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

කාර්කීව් නගරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් ජනාධිපති සෙලෙන්ස්කී, කාර්කීව් ආරක්ෂක ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටි රෝමාන් ඩූඩින් එම ධුරයෙන් ඉවත් කළ බව ද පැවැසෙයි.

(රොයිටර්)



අදහස් (0)

යුක්රේන ජනාධිපති යුද පෙරමුණේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 533 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1688 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site