යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, එරට බැක්මුට් නගරයේ යුද පෙරමුණට ගොස්, රුසියන් හමුදා සමඟ සටන් වදින යුක්රේන සොල්දාදුවන් හමුවී ඔවුන්ට වීර පදක්කම් පිරිනැමුවේය.
පසුගිය මාස පහක කාලය තිස්සේ බැක්මුට් නගරයේ යුක්රේන හමුදා සහ රුසියන් හමුදා අතරේ දරුණු අවි ගැටුම් පැවැති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
පදක්කම් පිරිනැමීම සිදුවූයේ එම යුක්රේන සොල්දාදුවන්ගේ වීරත්වය ඇගයීමට ලක් කරමිනි. බැක්මුට් නගරය ඩොනෙක්ස් පළාතට අයත් ප්‍රධාන නගරයකි.
රුසියන් ප්‍රහාර හේතුවෙන් බැක්මුට් නගරයට සිදුවී ඇති මහා විනාශය දැක යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී කම්පාවට පත් වුණු බව ද යුක්රේන මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.
බැක්මුට් නගරයේ යුද පෙරමුණේ සිටින යුක්රේන සොල්දාදුවන්, රුසියන් හමුදාවලට පහර දෙන්නේ, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලින් ආධාර ලෙස ලැබුණු අවිවලිනි.
මේ අතර, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත්තේ බටහිර අවිවලින් ශක්තිමත් යුක්රේන හමුදා සමඟ සටන් වැදීම තම හමුදාවට ගැටලුවක් වී ඇති බවය. රුසියන් ජනාධිපතිවරයා පසුගියදා අසල්වැසි බෙලරූස් රාජ්‍යයේ මින්ස්ක් නුවරට ගොස් බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්දර් ලුකෂෙන්කෝ හමුවිය.
ඇලෙක්සැන්දර් ලුකෂෙන්කෝ යනු රුසියන් ජනාපධිති පුටින්ගේ සමීපතම මිතුරෙකි. පුටින් බෙලරූස් රාජ්‍යයට ගොස් ඇලෙක්සැන්දර් ලුකෂෙන්කෝ හමුවූයේ වසර 3 කට පසුවය. යුක්රේන යුද්ධය අවසන් කිරීමට සහාය ඉල්ලීම පුටින්ගේ අරමුණ විය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුක්රේන මිනිස්සුත් අපේ රටේ වගේම මෝඩයින්... අපි මේ එහෙ මෙහෙ යන ජෝකර්ලාට රට බාරදීලා දැන් පරිප්පු කනවා. එහෙත් ඒ ටිකමයි. අර හොඳට තිබුණු රට විනාශ කර ගත්තා. ආර්ථික විශේෂඥයෙක් නැතිනම් උගත් ව්‍යාපාරිකයෙක් වත් ජනාධිපති වෙලා උන්නා නම් කීයටවත් රට යුද්ධයකට පටලැවෙන්නේ නැහැ. අල්ලපු රටේ අය යුද්ධයට පටලවලා ඔවුන්ට ආයුධ ටිකකුත් විකුණලා අප්පුඩි ගහගහ බලන් ඉන්නවා.