ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) ඇමැතීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට අවස්ථාව හිමිවිය. සෙලෙන්ස්කී ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය ඇමැතුවේ කැනඩා පාර්ලිමේන්තුව ඇමැතීමෙන් අනතුරුවය.

යුක්රේන ජනාපධිති සෙලෙස්කීට ඇමෙරිකන් කොංග්‍රමස් මණ්ඩලය මෙන්ම කැනඩා පාර්ලිමේන්තුව ඇමැතීමට අවස්ථාව උදා වීම සුවිශේෂී සිදුවීමක් බව බටහිර මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

රුසියන් හමුදා විසින් වට කරනු ලැබූ යුක්රේනයේ කීව් අගනුවර සිටින ජනාධිපති සෙලෙස්කී, කොංග්‍රස් මණ්ඩලය ඇමැතුවේ වීඩියෝ තාක්ෂණයෙනි. යුක්රේන වැසියන් දිනපතා 9/11 ප්‍රහාරයකට ලක් වෙනවා යැයි යුක්රේන ජනාධිපතිවරයා කොංග්‍රස් මණ්ඩලය හමුවේ පෙන්වා දුන්නේය.

(රොයිටර්)