අග්‍රාමාත්‍ය ඔලෙක්සි ගොන්චාරුක්ට තවත් අවස්ථාවක් දීමට තමාට අවශ්‍ය යැයි යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසයි.
යුක්රේන අග්‍රාමාත්‍යවරයාගේ හඬ පටයක් ප්‍රසිද්ධ වීමත් සමඟ මෙම අර්බුදය හටගත්තේය. යුක්රේන අග්‍රාමාත්‍යවරයා, ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රශ්න කරන හඬ පටයක් පසුගියදා ප්‍රසිද්ධියට පත්විය. ඒත් සමඟම තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන්නේ යැයි අග්‍රාමාත්‍ය ඔලෙක්සි ගොන්චාරුක් පැවැසීය.

එහෙත් අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම පිළිනොගන්නා බවත් ඔහුට ‘තවත් අවස්ථාවක්’ දීමට තමන්ට අවශ්‍ය බවත් යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි කීය.
ජනාධිපතිවරයාට ආර්ථිකය ගැන කිසිදු අදහස් නැති බව ප්‍රසිද්ධියට පත්වූ එම හඬ පටවලින් කියැවිණි.
“ මං ඔබටත් ආණ්ඩුවටත් තවත් අවස්ථාවක් දෙනවා” යැයි අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැති රැස්වීමකදී ජනාධිපති සෙලෙන්ස්කි කීය. ජනාධිපතිවරය එම රැස්වීමේ විඩියෝ පටයක් ද මුදා හැරියේය.
මෙම සිදුවීමේ ජනාධිපති සෙලෙන්ස්කිගේ පළමු සහ ප්‍රධාන දේශපාලන පරීක්ෂණය විය. සෙලෙන්ස්කි ජනාධිපති ධුරයට පත්වීමට පෙර විකට නළුවෙකි. ඔහුට කිසිදු දේශපාලන අත්දැකීමක් නොමැති අතර පසුගිය වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් ඔහු විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
ඉන්පසු ඔහුගේ පක්ෂය පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගැනීමට සමත්විය. ජනතාවට සේවය කිරීම යන අරුතින් එම පක්ෂය ‘සර්වන්ට් ඔෆ් ද පීපල්’ යනුවෙන් නම් කර ඇත.
ඒ.එෆ්.පී.
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd