IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


යුක්තිය ඉල්ලා රෝහින්ග්‍යා සරණාගතයෝ යාඥා කරති

නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අධිකරණයේ මියන්මාරයට එරෙහිව ගොනුකර ඇති ජනසංහාර නඩුවේ මූලික තීන්දුව හෙට (23) දින ලබාදීමට නියමිත බැවින් තමන්ට සාධාරණ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා රෝහින්ග්‍යා වැසියන් යාඥා කරන බව වාර්තා වේ.

වසර 2017 දී රඛයින් පළාතේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් රෝහින්ග්‍යා වැසියෝ 730000කට අධික පිරිසක් අසල්වැසි බංගලාදේශයට පළා ගියහ.

එහිදී රෝහින්ග්‍යා වැසියන්ගේ ගම් සියගණනක් ගිනිබත් කෙරුණු අතර බොහෝ පිරිසක් මියගියහ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ සමූහ දූෂණ හා සමූහ ඝාතන ජනසංහාරක චේතනාවෙන් කර ඇති බවයි.

පලාගිය රෝහින්ග්‍යා වැසියන් පදිංචිව සිටින බංගලාදේශයේ පිහිටි ලෝකයේ විශාලම සරණාගත කඳවුරේදී වසර ගණනාවක් විඳි හිංසා පීඩා වලින් පසුව තමන්ට යුක්තිය ඉටුවන තීන්දුවක් ලැබෙනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වෙති.

අධිකරණය තීන්දුව දෙන ආකාරය නැරඹීමට කඳවුරුවල අන්තර්ජාල සබඳතා යථා තත්ත්වයට පත්කර දෙන ලෙස සරණාගතයින් බංගලාදේශ බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

"අපගේ තුවාල සුවකළ හැක්කේ යුක්තියෙන් පමණකි," යැයි රෝහින්ග්‍යා වැසියෝ පවසති.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (1)

යුක්තිය ඉල්ලා රෝහින්ග්‍යා සරණාගතයෝ යාඥා කරති

Rathnayaka Thursday, 23 January 2020 02:02 AM

ගම් වලට පැනල හාමුදුරුවරු මරල, බෞද්ධ මිනිස්සු ඉන්න ගම්මාන පිටින් කපල කොටලා මරනකොට, මියන්මාර් හමුදාවේ මිනිස්සුන්ට ගරිල්ලා ප්‍රහාර එල්ල කරනකොට ඔය යුක්තියයි, එක්සත් ජාතිනුයි, ජාත්‍යන්තර මාධ්‍යයයි කොහෙද තිබුනේ? වපුරපු විදියට තමයි අස්වැන්න.

:       4       125

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 532 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 328 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 477 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site