ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ අධිකරණයකින් අපූරු පුවතක් වාර්තා විය.
ගෙවල් බිඳුමක් සම්බන්ධයෙන් වැරදිකරුවකුවූ පුද්ගලයකුට දඬුවම් නියම කළ විනිසුරුවරිය අවසානයේ වරදකරුගෙන් තමාව මතකදැයි ඇසුවාය.
එම අවස්ථාව ඉතාමත් සංවේදී අවස්ථාවක් වූ අතර ඔහු විනිසුරුවරිය සමග එකම පන්තියේ ඉගෙනුම ලැබූ බව සිහිපත්වීමෙන් පසු එය ඔහුට අදහාගත නොහැකි විය.
ඔහු පාසලේ හොඳම සිසුවකු බවද විනිසුරුවරිය පැහැදිලි කළාය. දඬුවම් නියම කර අවසානයේ මෙවැනි වැරදි නොකර උත්සාහවන්තව ජීවත්වන ලෙස ඇය ඔහුට අවවාදයක්ද දුන්නාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයයි සිදුවිය යුත්තේ (නි)
අපේ මිනිස්සු තැනකට අාවට පස්සේ දුප්පත් යාලුවෝ දැක්කම අහක බලාගන්නවා.(හේ)
ඒකට කමක් නැහැ සියාම් .. ස්තුතියි ඔබේ නිවැරදි වැටහීමට..! (බ)
කුසුම්, මමත් ලංකාවට මගේ වැදු මවට හා සමානව ආදරෙයි. ඒත් එහි සිටින අසමජ්ජාතික අධම මිනිසුන්ගේ ක්‍රියාවන් මම හෙළාදකින්න මම කොතනකවත් පස්සට යන්නේ නැහැ. මගේ මාතෘ භූමියට ගරහලා නැහැ මම. (නි)
මේ රටේ නඩු අහන හැටි පුදුමයි. විත්තිකරු ඔළුව අතගාමින් ඉන්නවා. අපේ උසාවියේ නම් තවත් මාස තුනක් හිරේ(නදී)
අහෝ සත්‍යපාලට ඩෝන් ගිහින් වගෙයි .....මම කියපු ඩොලර් කතාවක් නැහැ ....මම කියලා තිබෙන්නේ මෙහි විනිසුරුවන්ගේ ක්‍රියා පටිපාටිය පිළිබඳවයි ..සත්‍යපාල හොඳ සිහියෙන් ඇහුන්කම් දෙන්න (බ)
දේව කැමැත්ත ඕනේ නැහැ ඇමරිකාවට යන්න. සල්ලි තියේ නම් ඕන කෙනෙකුට ගිහිල්ලා එතහැකියි.මගේ දුව ඔය රටේ ඉන්න නිසා අපිට යන්න වෙනවා ඔය කියන සුරපුරයට."ලාස් වේගස්" කියන නරකාදියත් ගියා බලන්න.එවැනි තැනක් හීනෙන් දකින්නත් පින් නොවෙයි පව් කරන්න ඕනේ කියලයි මට හිතෙන්නේ.අවරුදු 30 කින් ලංකාවට ඇවිල්ලා නැහැ කියලා කියන්නේ නිකම් සෝබන පෙන්නනයි.අවරුද්දෙන් අව්රුද්දට ලංකාවට යන කට්ටිය ඕනේ තරම් ඉන්නවා අපි දන්නා හදුනන. (අ)
සත්‍යපාල, ඔයාගේ අදහස නම් සම්පුර්ණ ඇත්ත. මටත් පන්සලේදී ඔය වගේ දෙමාපියන් හමුවෙලා තියනවා. මේ එක නඩු තීන්දුවකින් ඇමරිකාව සුරපුරයක් කළ අයට ඔයා ඇත්ත පෙන්වාදීම ගැන බොහොම ස්තුතියි. අර කෙනෙක් කියලා තිබුනේ අවරුදු තිහකින්වත් ලංකාවට එන්නේ නැත්තේ මේ රටවල තියන අපුරුව නිසා කියලා. අනේ මන්දා ලාංකිකයන් දන්නේ නැහැ ලංකාව කියන්නේ සුරපුරයක් කියන එක. මම ඇමරිකාවේ ජීවත්වුණත් මට නම් ලංකාව වගේ උතුම් රටක් කොහෙවත් නැතිතරම් (නි)
කියන්නේ නම් අපි ඉන්නේ දියුණුවේ එළිපත්තේ කියලා. (නි)
අනේ එයාලගේ නීතිය! (නි)
අනුර ,මොකක්ද 'බටහිර පන්නයට නීතිය හදාරපු අපේ මිනිසුන් ' කියන්නේ? දන්නේ නැද්ද අපිට නීතිය,අධ්‍යාපනය,පරිපාලනය,මහා මාර්ග,දුම්රිය ලැබුනේ බටහිරින් කියලා. (නි)
මේකේ සමහර අදහස් දැක්කහම හිනායනවා. මමත් ඉන්නේ බටහිර රටක. ඒවා හිතන තරම් සුන්දර නැහැ. ජාතිවාදය හිස මුදුනට. (නි)
ඒ රටවල එහෙම තමයි (නි)
අන්න නියම මිනිස්සු යුක්තිය ඉටුකරා නමුත් මුලත් මතකයි (අ)
චානක ලොස් ඇන්ජලිස්, සත්‍යපාල, ඔබ කියන කළු අයට හිරිහැරයක් නම් මෙකල සිදුවෙන්නේ නැහැ. අතීතයේ එවැනි දේ තිබුනා." ඡානක - ඔයා ලොස් ඇන්ජලිස් වල රද්නි කින්ග් කියන්න කවුද කියල දන්නවද? (නදී)
සියාම්, මම එදා සිටම මේ තීරයට මගේ නමින් මිස වෙන ආදේස නම් වලින් පෙනී සිටින්න තරම් අදහිර්ය ගැහැනියක් නොවේ. (නදී)
සමහරුන්ගේ අදහස් හරිම පුදුමයි (නි)
කසුන්, ලාස් වේගස් නරකාදියක් කියන්නේ කොළඹ සුරපුරයක් කියලද? ඔයාට පුළුවන්නේ ඔයාගේ දුව නරකාදියෙන් සුරපුරයට රැගෙන යන්න. මේ වගේ රට වලත් කුහක ලාංකිකයෝ ඉන්නවා සල්ලි හම්බ කරන,ගෙවල් අරන් (නදී)
මෙහෙ උසාවි ගැන කුමන කතාද? (නි)
ඇමෙරිකාවේ හැම දේම සුදුත් නැහැ. කළුත් නැහැ. ලංකාවෙත් එහෙමයි. වෙන රටවලත් ගත යුතු දේ තියෙනවා. මේ ලෝකේ කේතුමතී නගර නම් නැහැ. තම තමාගේ හැටියට, වටිනා කම් වල හැටියට විචාරශීලී බුද්ධියක් නිබේ නම්, ඒ හැටියට තමයි අපි දේවල් දකින්නේ. ඇත්ත නම් ලංකාවෙත් හොඳ දක්ෂ විනිසුරන්ලා ඉන්නවා (නදී)
මානුෂික ගති ගුණවලින් පිරුණු දියුණු බටහිර රටවල වගේ ක්‍රියාත්මක වන නීති සහ උසාවි ලංකාවේ සිහිනයක් පමණක්ම විය හැකිය. (ස)
මෙවැනි විනිසුරන් රටකට වාසනාවන්. (ස)
මෙවැනි අවස්ථාවක් ලංකාවේ සිදුවුනා නම් , විනිසුරු හෝ විනිසුරැවරිය තම ලොකුකම පෙන්වීමට මොහුට නිගරු කර දිය හැකි උපරිම දඬුවම දීලා අපහාසාත්මකව සිනා සෙනවා , අපේ පෙර කරුමෙකට අපි ලංකාවේ ඉපදුනේ , මෙහෙව් රටක නොඉපදී (බ)
මේ කොමෙන්ට් වලින් පේනවා තමන්ගේ ජාතිය ගැන හීනමානයකින් පෙළෙන සුද්දන්ගේ පැටව් අති බහුතරයත් ඉන්නවා කියලා. අනගාරික ධර්මපාල තුමා ඕක කොච්චර කාලෙකට කලින්ද කිව්වේ. උන්ට එතුමා කිව්වේ පරයෝ කියලා. (නදී)
ඇමරිකාව ඔය කට්ටිය කියන තරම් හොඳ නැති වෙන්න පුලුවන්. නමුත් මේ රටෙි මිනිස්සු ලංකාවේ බහුතරය වගේ හරක් නෙමෙයි.(නදී)
කුමට මෙරට අධිකරණය නීතිය සහ විනිසුරන් ?
සිවු බුදු සමිදුන් වැඩි සිරිලක් දෙරණ මගේ .....සිරිමා බෝ සමිදු දළදා රත්නමාලි අහසට නැගෙන සිරිපා පියුම් පිපෙනා රන් දෙරණ මගේ දම්සද කිරණ ලොව සැමටම දෙසනා තුන් පිටකය වැඩ සිටිනා පින් කේත මේ දෙවු බබු සම සිත පහදා අහසේ සිට වදිනා ලොවෙන් උතුම් රට මේ අපි වසනා සිරිලක්රජදහන මගේ සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් මග ඵල ලබාගෙන ලොවුතුරුසුව ගෙනදෙන සුරපුරකි අනේ ..... ගොතම බුදු සමිදුගේ දම්සද කිරණ හදමැදුරේ දිදුලන .... ලොව අන්කිසිතැනක නොපෙනෙන පින්කෙත මගේ ... අමා දහර සිරිලක් මව වදිමි මම දුරුරට සිතල මිදුමේ කදුමුදුනක සමා සිතෙන් සමාවද සම උදයේම නිසසල මේ වන අරණේ ......
ඇමෙරිකන් බටහිර අමානුෂිකත්වය ලොව පුරා ගලන රුධිර ගඟෙන් පෙනේ. (ස)
මැද පෙරදිග සේවය කර පැමිණ අප රටේ සාමාන්‍ය මෙන්ම ඉතා ඉහළ ව්‍යාපාර කරන අය සිටි.එහෙත්, ඇමෙරිකාවේ හෝ කැනඩාවේ හෝ යුරෝපා රටක සේවය කරන අයගේ, ලංකාවේ ව්‍යාපාර හෝ දේපල ගැන හෝ අප කිසිදා අසා නැත්තේ ඔවුන් හම්බකරන කිසියම් මුදලක් වේද, බදු වශයෙන්ම එම රටටම ගෙවමින් සදාකාලිකව සුපිරි හිරකරුවන් වී ඇති නිසාය. (නි)
මම නම් මගේ ජාතියට නිගරු නොකරමි ආර්ථික පරිහානිය තුල අපේ සිතුම් පැතුම් වෙනස් උනා පමණය බටහිර පන්නයට නීතිය හදාරපු අපේ මිනිසුන් මුදල් හඹා යන නොමිනිසුන් වී ඇත (හේ)
බටහිරින් ඕවා එන්න කලින් ලංකාවෙ හිටියේ සත්තුද? කවදාවත් යටත් විජිත නොවුන චීනය වැනි රටවල ඕවා තිබුනේ නැද්ද? (අ)
අනේ චතුරි / චානක ලොස් ඇන්ජලිස් , අපි නොදන්නා ඩොලර්. ඔයා ඔය සුරපුරයක් මවන්නේ මේ තිරයේ අදහස් දක්වන අය පිටරටවල් දැකල නෑ, ඔබ විතරයි පිටරට කියල හිතාගෙන බව පැහැදිලියි. එහෙත් මා විශ්වාසකරන්නේ මේ අන්තර්ජාලයේ පත්තර බලන වැඩි පිරිසක් විදේශවල ජිවත්වන ලාංකිකයින්. ඔබ ඔය ආඩම්බරයෙන් කියන සතියට රුපියල් ලක්ෂ දෙක ඩොලර් වලින් 1500. නමුත් ඇමරිකාවේ ජනගහනයෙන් 50% කගේ පවුලක අදායම සතියට ඩොලර් 971. ඔබ සමහරවිට අතිනුත් දමා පෙන්වන්නට හදනවා ඇති. ඔය 971න් සතියට ගෙවල් කුලිය, අරෝග්‍යශලා රක්ෂණය, වාහනයට ඉන්ධන, රක්ෂණය ආහාර වියදම. නිකම් අනුන්ට ලොකුකම් පෙන්වන්නට අතිශෝක්තියෙන් පෙන්නන්න එපා. අන්තිමට අතේ සතයක් නෑ. ඔබ කියන බොහෝ ලංකික දෙමවුපියන් දරුවන් විසින් අමාරුවේ දාපු නිසා අසරණවෙලා. ලංකාවේ තිබෙන දේපොළ විකුනලා සල්ලි අරන් දෙමවුපියෝ ගෙන්වල ඒ සල්ලි වලින් දරුවා ගෙයක් ගන්නවා. වියදම නිසා දරුවන්ගේ දරුවෝ බලාගන්න ගෙන්වාගත් වයසක උදවිය කාමරයක් ඇතුලේ කොටුවෙලා මුණෙන් මුණ බලාගෙන සුසුම් හෙලනවා. කතාකරන්න කෙනෙක් නෑ. සමහරුන්ට තම මුනුබුරු මිනිබිරියන් ඉංගිරිසියෙන් කියන දෙයක් තේරෙන්නේ නෑ. කතාකරන්න අසල්වැසියෙක් නෑදෑයෙක් නෑ. 5-6 දෙනෙකුට එක කාර් එකේ යන්නට බැරි නිසා කියමින් වයසක දෙමාපියන් ගෙදර මුර වැඩේට තබා රට සවාරි. අන්තිමට ආපසු ලංකාවට ගිහින් ඉන්නට ගෙයක් දොරක් නැති නිසා සුසුම් හෙලමින් ඉක්මන් මරණය පතමින් ජිවත්වන බව දන්නෝ දනිති. ඔවුනට එකම සහනය ආසන්නම ලාංකික පන්සල. සති අන්තයේ ඒවාට උදේ ගෙනත් අතහැර හවසට ගෙනයයි. මෙවැනි දෙමවුපියන් කොතරම් මට හමුවී ඇතිද. ඔබ සිටින ප්‍රාන්තය කියන්න. මට ඔවුන්ව මුණගැස්විය හැක. ඇමරිකාව නරක යයි මම නොකියමි. එහෙත් උදම් අනමින් අනුනට ස්වර්ගය ලෙස මවාපාන ඔබලා වැනි උදවිය ඇමරිකාව දෙස බලන විදිහ අපි දනිමු. ලංකාවේ කිසිම රැකියාවක් කරන්නට සුදුසුකම් නැති සමහරුන් රැකියාවක් කර ඇමරිකාවේදී කාරයක් ගැනීමට හැකිවීම, ඩොලර් ලැබීම ගැන අමන්දානන්දයට පත්ව වහසිබස් දෙඩීම කරන අයුරු අප නිතර අත්දකිමු. එක් අයෙකු ඇමරිකාවට පැමිණ ටික දිනකින් තම මවට කතාකර පැවසුවේ " අපි ලංකාවේ කොස් කනවා වගේ දැන් කන්නේ මස්" බවය. ඒ මව කියුවේ " අනේ පුතේ උඹට පවු සිද්දවෙයි,අනික ලෙඩ හැදෙයි මස් නොකා එළවලු පලතුරු කන්න බලපන්" කියාය. එසේ නැතිව තම දෙමවුපියනුත් ආදරයෙන් බලාගනිමින් වැදගත් රැකියා කරන ඉහල වැටුප් ලබන ලාංකිකයින් කිසි දිනක උපන් රටට අවමන් නොකර තමන් ලැබූ නිදහස් අධ්‍යපනය නිසා මෙවන් රටක ඉහල රැකියාවක් ලැබුන බව කියමින් තම දුප්පත් නෑදෑයන්ට මුදලුත් යවමින් නිවාඩුවට ලංකාවට පැමිණ තම දරුවන්ටද ලංකාවේ අගය සංස්කෘතිය කියාදෙමින් වහසිබස් නොදොඩමින් දැහැමින් ජීවත්වේ. ඒ චතුරිලා චානකලා නොවන බව මා දනිමි (නදී)
කරුණාව ,මානව දයාව, සැමට ගරු කිරීම ,විනය ලංකික අප තුලත් තියෙන්න ඇති. මව්කිරි වෙනුවට පිටරට බාල මිලවැඩි රටකිරි බොනවිට උරුමවන්නේ වෙනත් හැඟීම්ය. (අ)
සල්ගාදු හරි. ලංකාවේ නඩුකාරයෝ විතරක් නෙමෙයි ,වැඩි හරියක් ලොයර්ලත් ඔලුව උදුම්මාගෙන .අඩි කීපයක් උඩින් තමයි ගමන. නමුත් ඔවුන් හැසිරෙන විදිය මෑතකදී එළි වුණා. දියුණු සමාජයක එහෙම නෑ. කොපමණ නිහතමානී විදියට ද ඒ නඩුකාරිය හැසිරෙන්නේ . (ම)
ඒ රටවල අකුරටම යුක්තිය ඉටු කරනවා...(හේ)
කවදා අපේ මිනිසුන් එකිනෙකාට ගරුකිරීම ඉගෙනගනීවිද? (නි)
ඒක තමයි වෙන්න ඕනේ.(හේ)
අගය කළ යුතු තැන අගය කල යුතුයි. ප්‍රසන්සා කල යුතු තැන ප්‍රසංසා කල යුතුයි. නමුත් මතක තියාගන්න, මානව ගුණධර්ම ඉහලට ඔසවා තබන ධර්මය තිබෙන්නේ මේ සිරිලංකා ද්වීපයේ බව. (නදී)
මම නම් හිතන්නේ ලංකාවේ බහුතරයක් ජීවිතය ගැන හොඳ අවබෝධයක් තිබෙන ජනතාව.ඒකනේ ඇමෙරිකාවේ ඉන්න අපේ ලාංකිකයන් ලස්සනට ජීවත්වෙන්නේ (නි)
ඇමරිකාවේ එහෙම තමයි (නි)
ජීවිතේට ඇමරිකාවට නොගිය මිනිස්සු ටිකක් ඇමරිකාවට ගිය අය ගැන ඊර්ෂ්‍යාවෙන් දඟලන බව නම් පැහැදිලියි. (නි)
දුමින්ද,මොකක්ද අර 'ඇමෙරිකන් බටහිර අමානුෂිකත්වය ලොව පුරා ගලන රුධිර ගඟෙන් පෙනේ' කියන්නේ. සිංහලෙන්වත් ලියා ගන්න බැරිද බොරු ඇමරිකන් විරෝදය? (ස)
ලංකාවේ මාත් ඉපදුනේ, පෙර පින් බලෙන් මාහට මෙවැනි මිනිසුන් අතර වාසය කරන්න ලැබීම මා නැවත නැවතත් මගේ පුර්ව ආත්මයන්ට ආශිංසනය කරනවා..!!! ඔබ නිතර ගරහන බටහිර ජාතීන් ඔබ දැන් ඔබේ ඇස ඉදිරියේම දුටුවා නේද මගේ සිංහල ජාතියෙනි..!! ඒක තමයි රහස. ඒ මිනිසුන් දිනෙන් දින සුර්යා මෙන් බැබලෙන රහස ..? දැක්කනේ හොදම ආදර්ශය පහුගිය සතියේ අපි දුටුවා අපේ රටේ සරත් අබ්රූ..එයාගේ යාලු විනිසුරු දුන් තීන්දුව ..? අපේ රටවලට වැදගත් විදියට නඩු අහන්න මෙන්න මේ වගේ පිටරවලින් ගෙවලා හරි සාධාරණ නීතීඥයෝ සහ විනිශ්චයකරුවන් ටිකක් රජය මගින් ලංකාවේ සෑම ප්‍රධාන උසාවියකම ස්තාපිත කලානම් අපේ නඩුකාරයෝ ලැජ්ජ වෙනවා ...? මහජනයාට නියම සාධාරණ නීතිය ඉෂ්ට වෙනවා...? මම රටේ පාලකයා නම් දේශ පාලකයන්ගේ පඩිය 25000 කරලා පිට රටින් නඩු කාරයෝ ගේනාවා ..නඩු අහන හැටි සාධාරණය ඉෂ්ට කරන හැටි කියල දෙන්න ..ඔය කළු පොරවාගෙන ඉන්න අයට පෙන්වනවා සැබෑ මිනිස් අයිතිවාසිකම් කියන්නේ මොනවද කියල ...? (ස)
සත්‍යපාල, ඔබගේ අදහස් දැක්වීම නියම සත්‍යයක්ම බව උතුරු ඇමෙරිකාවේ ඉන්න සිංහලයෙක් වන මම එකහෙළාම අනුමත කරමි. (නි)
නුවන්, ඔබගේ දැනුම හරි අඩුයි. චීනය ජපානයේ යටත් විජිතයක් ලෙස තිබු බව වත් දන්නේ නැද්ද? (අ)
ගඟෙන් වතුර බී මුහුදට ආවඩන මිනිසුන්ගෙන් එක්කෙනෙකි රූපවතී. පිටරටක සිට ලංකාවේ දේශ සීමාව, උඩු ගුවනේ සිට බලන හැම මොහොතකම මගේ ඇසට නැගෙන්නේ සතුටු කඳුලකි.එය වචනයෙන් විස්තර කිරීමට බැරි තරම් සංවේදී සිතුවිල්ලකි. (අ)
අපේ ලංකාවෙත් මෙහෙම වෙනවා නම්... (නි)
ලංකාවේ මිනිස්සුන්ගේ ගතිගුණ හැටියට එහෙම දේවල් ප්‍රායෝගික නැහැ . නඩුකර වරුන්ගේ ආචාරධර්ම වලට අනුව සමාජය එක්ක අනවශ්‍ය ලෙස ගැවසීමට අවසරත් නැහැ.අපේ නඩුකාරවරයෙක් අඳුනනවා වගේ පෙන්නුවොත් අපේ මිනිස්සු ඒවි එතුමාගේ ගෙදරට නඩුව ගොඩදාගන්න කතා කරගන්න. අනික අපේ ක්‍රමය හැටියට යම් නඩුවක පර්ශවකරුවකුව පුද්ගලිකව දන්නවනම් නඩුකාරවරයා ඒ නඩුව අහන්නේ නැතුව වෙන නඩුකරවරයෙකුට යොමු කරවන්න ඕන. එක කරන්නේ නඩුවේ සාධාරණත්වය උදෙසා , විනිශ්චයකරවරුන්ගේ ආචාර ධර්ම වලට අනුකුලව. අපේ සමහර නීතිඥ මහත්තුරුන්ගේ ගතිගුණ ගැනනම් කියල වැඩක් නැහැ. (ස)
සල්ගාදු ප්‍රංශයේ සිටින බව දැන ගන්නට ලැබීමත් මහත් වාසනාවක්.ඔබට මාගේ සුබ පැතුම් ! (බ)
ඒ රටවල් එහෙම තමයි (නි)
මෙවැනි විනිසුරන් රටකට වාසනාවන්! ඒකට අපේ රටේ විනිසුරුවන්.අධීකරණ පද්ධතිය දැන් ගන්න දෙයක් නෑ (ම)
ඇමරිකාව හීනෙන් දකින්නත් පින්කරන්න ඕනා. තරුණ වයසේ ඇමරිකාවට ඇවිත් වයසට යන කට්ටිය ඇමරිකාවේ ඉන්නවා ඕනෑතරම්. අවුරුදු 30 කින් ලංකාවට ඇවිත් නැහැ. එ්කේ රහස දන්නේ එයත් අපිත් පමණයි. මෙතන කයිවාරු ලියන අයට ඇමරිකාවට ඇවිත් සතියට ලක්ෂ 2ක් 3කුත් වැඩියෙන් වැටුප් ලැබෙනකොට අනේ අපි මිට කලින් තමයි එන්න ඕනේ කියල කියයි. මනුස්ස කමින් පිරුන අයට ඉල්ලුම් කලහැකියි දේව කැමැත්ත අනුව (නදී)
අනේ අපේ මිනිසුන් කවදා බටහිර තේරුම් ගනීවිද? (නි)
සාගර. සුදු හම තියෙන හැම කෙනෙක්ම ඇමරිකන් නෙමේ. පාස්ස් පොර්ට් එක බලලා ඒ අයට මේක පෙන්වන්න. මේ රටේ පාර අතුගාන අය ඔය කියන වැටුප දවසට ගන්නවා. ඔය අැමරිකන්ලා මාසයක් බලන් ඉන්නවද ඔයකියන වැටුප ගන්න. මිට පසුව ඇත්ත කතා කරන්න. මෙවැනි දේවල් මිනිසුන්ගේ දැනීම බෙදාගන්නවා. හිතේ දුකට බොරු නොලියන්න. හැබැහින් ඔබ උගත් කෙනෙක්නම් නිත්‍යානුකුලව එන්න බලන්න අවුරුද්දක වැටුප සතියෙන් ගන්න හැටි පෙන්වන්න. මුදල් වලට වැඩිය මන්නුස්සකම ඉගෙන. ගන්න පුළුවන්. (නදී)
යහපාල, නුඹට ඉංග්‍රීසි බැරිවුණාට ලංකාවේ පදික වේදිකාවේ රස්සාව කරන මනුස්සයාටත් පුළුවන්. (නි)
මේ ආණ්ඩුව යටතේ උසාවිය පක්ෂපාති වෙලා (බ)
මට නම් ලාංකිකකමට නින්දා කරන අපේ අය ගැන තියෙන්නේ දුකක්. (නි)
රුපවතී, ඔබ වාසනාවන්ත රටක වාසනාවන්ත මිනිසුන් සමග ජීවත්වෙන එක ගැන අමන්දානන්දයට පත්ව ඇත. ඔබ විලියම් - කේට් යුවල ගැබ් ගත් විටත්, දරුවන් ලැබුන විටත් ඔය "අමන්දානන්දයට" පත්වූ බව දැක ඔබට පිළිතුරු සැපයුවෙමි.මේ සිදුවීම කළු මිනිසුනට නිතර සිදුවෙන අමිහිරි තීන්දු අතරතුර ඉද හිට සිදුවන සතුට උපදවන පුවතක් පමණි. එහෙත් එක සිදුවීමක් නිසා ලාංකිකයෙකුව ඉපදීම ගැන දුක්වෙන ඔබ නැවතත් සැබෑ රුපවතී චරිතය හෙලිවිමක් බව පමණක් සදහන් කරමි. (බ)
බලන්න, මේ මනුස්සයට සර් කියලයි කතා කරන්නේ. මම බොහෝවිට දැකල තියෙනවා දියුණු රටවල විත්තිකරුට කතා කරන්නේ මිස්ටර් කියලා. එකට අපේ රටේ! ගම්පහ පැත්තේ (ම)
සුදු විනුසුරුවරිය කළු විතිකරු (ම)
රූපවතී, වෙන අයගේ නමින් ඔයා ඔයාටම ලියාගන්න එපා. ලියලා තියන ශෛලියෙන්ම පේනවා ඔයා ඔයාටම කඩේ යන බව. (නි)
ලංකාවෙන් යුරෝපයේ රටකට හෝ ඇමරිකාවට නොගිය බහුතරයක්, බටහිර රටවල නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ගැන දන්නේ නැහැ. ඒවා විඳීමට වාසනාවක් නැහැ. එම රටවල පිටින් පැමිණි අප්‍රිකානුවන් ආසියාතිකයන් දකුණු ඇමරිකානු රටවල මිනිසුන් බටහිර රටවල ජිවත් වන්නේ කවදාවත් ඔවුන් ඉපදුන රටේ සිතන්න වත් බැරි ජිවිත (නදී)
සත්‍යපාල ,ඔබ කියන කළු අයට හිරිහැරයක් නම් මෙකල සිදුවෙන්නේ නැහැ. අතීතයේ එවැනි දේ තිබුනා. කොහොමහරි මෙහි විනිසුරුරන් චුදිතයා අමතන්නේ සර් කියන නාමයෙන්. එපමණක් නොවේ නඩුව අවසානයේ උසාවියේ පෙනීසිටීම හේතුවෙන් චුදිතයාට ස්තුති කිරීමට පවා මෙම විනිසුරන් නිහතමානියි.මෙයට ප්‍රධාන හේතුව ලෙස පෙන්වා දෙන්න පුළුවන් රටේ සියලු දෙනාටම 'සමාන අවස්ථාවන්' කියන සංකල්පය ක්‍රියාත්මකවීම (නි)
අපේ කට්ටිය විත්තිකරු දිහා බල බලා ඇදකුද හොයනවා (නි)
සත්‍යපාල ඔබ දිදුලන දෙනෙතක් හිමි අන්ධ කාරයේ අතගාන මෝඩයෙක් වග මට හැඟේ ..? ඇත්ත තිත්තයි සත්‍යපාල ..?අපි හොඳ දේ හොඳ විදියට දකින්න ඕනේ, නරකදේ නරක විදියටම දකින්න ඕනේ ..?අපි බොරුවට අපේ ජාතියකට ..සිංහලකමට යාලු මිත්‍ර කමට කත් ඇදල තමයි ඒ ප්‍රතිපල අස්සක් මුල්ලක් නෑර රටේ බොරුව රජ කරන්නේ ..?අපිට හරියන්නේ සාධාරණ උණු තරමට බොරුව පිටුදැකපු තරමට ..? ඔබ අන්ධ කාරෙන් එලියට ඇවිත් ටිකක් ලංකාව වටේ බලන්න ..? සත්‍යපාල ..?? ඔයා වටේ ඉන්න අයගෙන් කීදෙනෙක් ඔයාට විශ්වාසව ආශ්‍රය කරන්න පුළුවන් තත්වයක් ඔයා වටේ ඔයාගේ සමාජයේ තියනවද කියල ඔයාගේ පරිසරයේ ..හදවතට එකඟව...?මට උත්තර නොදී ..!!!! (ස)
සත්‍යපාල ..අපි නම්‍යශීලී වූ තරමට පරිත්‍යාග වූ තරමට අපේ හදවතින් අනුන්ට ප්‍රශංසා කිරීමේ අදහස් පහළවෙනවා ඔබට ඒ තත්වය පිහිටලා නැතුවට කළ හැක්කක් නැත . ලෝකේ කවුරු වුණත් මට කම් නැත යම් කිසි හොඳ දෙයක් දැකල ප්‍රශංසා කරන්න මගේ හදවත ඉබේ නවෙන්නේ දුර්ජන කම් වලින් පිරී නැති නිසයි ..(ම)
දැක්කද Mr Sir කියල චූදිතයාට කතා කතා කරන විදිහ ? එකට අපේ රටේ තමුන්, යුෂ්මතා වගේ වචන. (ස)
මේක ලෝකයටම පාඩමක් (නි)
රුපාවති, නොදැනුවත්ව කීව දෙයට ඔබේ සිත රිදුනා නම් සමාවන්න. (බ)
කරුණාව ,මානව දයාව, සැමට ගරු කිරීම ,විනය ලංකික අප තුලත් තියෙන්න ඇති. එ්ත් දැන් නම් ඒවා තියෙන්නේ බටහිර තමා (නදී)
එක උසාවියක ගැහැණු අයට කලිසම් ඇඳගෙන එන්න නඩුකාරයා ඉඩ දෙන්නේ නැහැ. අවොත් ගෙදර ගිහිල්ලා සාරියක් ඇඳගෙන එන්න කියලා ගේට්ටුවේ ඉන්න පොලිස්කාරයා කියනවා. මෝඩ වැඩ.(ම)
චතුරි, ඔබ ඇමෙරිකාවේ සතියකට ගත හැකි පඩිය ගැන ලියා තිබුනා.එය අතිශයෝක්තියෙන් ලියු දෙයක් බව පැහැදිලියි . සව්දියේ එයාර් බේස් වල ඇමෙරිකානුවන් ඩොලර් 1000ට, 1200 ට වගේ මාසික වැටුපට ඔවුන් ගුවන් යනා හෝදනවා.බදු ගෙවන්නේ නැති නිසා පඩියට ඔවුන් තෘප්තිමත්.ඉතින් චතුරි,ගොඩක් බොරු ලියන්න එපා.(බ)