බි‍්‍රතාන්‍යයේ හිටපු අගමැතිනී මාග‍්‍රට් තැචර්ගේ අවසන් කටයුතු ඊයේ (17) හමුදා සහ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වුණු අතර ඊට විශේෂ ආරක්ෂාවක් ද යෙදවිණි.
අවමංගල පෙරහරට මෙන්ම දේව මෙහෙයට ද විශේෂ ආරක්ෂාවක් යෙදවීමට බි‍්‍රතාන්‍ය ආරක්ෂක අංශවලට සිදුවූයේ බොස්ටන් මැරතන් තරගයට එල්ල වූ බෝම්බ ප‍්‍රහාර හේතුවෙනි.
අවමංගල දේව මෙහෙය පැවැත්වුණේ ශාන්ත පෝල් දෙව් මැදුරේය. එම අවස්ථාවට ඇගේ පවුලේ අය, සම්භාවණීය අමුත්තන්, බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් සහ දෙවැනි එලිසබත් මහ රැජින ද සහභාගී වූහ.
බි‍්‍රතාන්‍යයේ ප‍්‍රථම සහ එකම අගමැතිවරිය මාග‍්‍රට් තැචර්ය. බි‍්‍රතාන්‍ය වැසියන්ගේ පමණක් නොව, මුළු ලෝකයේම ගෞරවයටත් ආදරයටත් පාත‍්‍ර වූ ඇය වඩාත් ප‍්‍රකට ‘යකඩ ගැහැනිය’ යන ආදර නමිනි.
කොන්සවර්ටිව් පක්ෂයට නායකත්වය දෙමින් පිටපිට තෙවරක් ඇය බි‍්‍රතාන්‍යයේ අගමැති ධුරය හෙබවූවාය. දීර්ග කාලයක් පුරා රෝගීව සිටි ඇය පසුගිය අට වැනිදා මෙලොවින් සමුගත්තාය. මිය යන විට ඇගේ වයස අවුරුදු 87 කි.
තැචර්ගේ අවසන් කටයුතු සිදු කෙරුනේ ඒ සම්බන්ධයෙන් ජනමත විචාරයක් ද පැවැත් වීමෙන් පසුවය.
ඊට හේතුව තැචර් මහත්මිය ඇගේ අන්තිම කැමැති පත‍්‍රයේ සඳහන් කර ඇත්තේ තමා වෙනුවෙන් රාජ්‍ය ගෞරවයක් නොපවත්වන ලෙසටය. බි‍්‍රතාන්‍ය රජය ඇය වෙනුවෙන් රාජ්‍ය සහ හමුදා ගෞරව පැවැත්වීමට තීරණය කළ අවස්ථාවේ ඒ පිළිබඳ ඇගේ පවුලේ අයගෙන් සහ රටේ ජනතාවගෙන් අදහස් විමසා බලා තීරණයක් ගැනීමට අගමැති කාර්යාලය පියවර ගත්තේය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
‘යකඩ ගැහැනිය’ අවසන් ගමන් යයි
සංදීප් Thursday, 18 April 2013 01:11 PM
යකඩ ගැහැණියට නිවන් සුව ලැබේවා! (නි)
හේරත් Thursday, 18 April 2013 06:48 PM
ඒ අගමැතිනියටත් නිවන් සුව ලැබේවා! (නි)