ගෙළ පසාරු කරගෙන ගොස් තිබුණු යකඩ කූරු 6 සමඟ රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකුගේ දිවි ගලවා ගැනීමට චීනයේ ෂියැන්ග්යැන්ග් රෝහලේ වෛද්‍යවරු සමත්වූහ.

ගොඩනැගිල්ලක ඉහළ මහල පිළිසකර කිරීමේ කටයුතු වල යෙදී සිටියදී පහළට වැටී ඇති මේ පුද්ගලයා යකඩ කූරු වල ඇමිණී ඇත.

පැළද සිටි ආරක්ෂක කබායට සවිකර තිබූ කඹය නිසා බිමට නොවැටී එල්ලෙමින් සිටි ඔහුව වහ වහා රෝහල් ගත කිරීමට ඔහුගේ සගයින් කටයුතු කර තිබේ.

ප‍්‍රාතිහාර්යයකින් මෙන් යකඩ කූරු වලින් මොළයට රුධිරය ගෙන යන නාළ වලට හෝ ඔහුගේ ස්වාස නාළයට හෝ තුවාළ සිදුවී නොතිබුණි.

යකඩ කූරු කැපීමට වෛද්‍යවරුන්ට ගිනි නිවීම් භටයින් භාවිතා කරන කියතක්ද යොදාගැනීමට සිදුව ඇත.ප‍්‍රතිකාර වලින් පසු රෝගියා දැන් සුවය ලබමින් සිටි.

1412852976175_Image_galleryImage_Mandatory_Credit_Photo_by 1412854024007_Image_galleryImage_Mandatory_Credit_Photo_by 1412854080547_Image_galleryImage_Mandatory_Credit_Photo_by