අන්තර්ජාල වීඩියෝ හුවමාරු අඩවිය වන යූ ටියුබ් සඳහා පකිස්ථානයේ තිබූ තහනම ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

ඉස්ලාම් ආගමට අපහාස වන ආකාරයේ වීඩියෝ පටයක් යූ ටියුබ් වෙත එක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ තහනම පනවන ලද්දේ මීට වසර තුනකට පෙර දී ය. එම වීඩියෝ පටය නිපදවා ඇත්තේ ඇමෙරිකාවේ දී ය. ඒ පිළිබඳ ඇති වූ විරෝධතා හේතුවෙන් පුද්ගලයන් 12 දෙනකු ද මියගියහ

පකිස්ථාන විදුලි සංදේශ නියාමන අධිකාරිය පවසන්නේ යූ ටියුබ් වෙතින් පකිස්ථානය සඳහා නව මුහුණතක් හඳුන්වාදීම හේතුවෙන් මේ තහනම ඉවත් කළ බවයි.