පෘතුගාලයේ මාස හතරක සිට මොළය මිය ගොස් සිටි කාන්තාවකට දරුවෙක් උපන් සිද්ධියක් පිළිබද ලිස්බන් රෝහලේ බලධාරීහු පවසති. සති 32කට පසු ලිස්බන් රෝහලේ සිසේරියන් අංශය මගින් සිදුකල සිසේරියන් සැත්කමකින් පිරිමි දරුවෙකු බිහි වූ බවත් එම දරුවා කිලෝග්‍රෑම් 2.35ක බරකින් යුත් බවත් සදහන් වේ.
පෙබරවාරි මස 20 වැනි දින ඔහුගේ මවගේ මොළය මිය ගියගොස් ඇති බවට ප්‍රකාශයට පත් කරන ලදි. නමුත් ගැබ් පරීක්ෂණ සෞඛ්‍ය සම්පන්න බව අනාවරණය වූ පසු පියාගේ එකගත්වය මත දරුවා බිහිවෙන තුරු බලා සිටින්නට පියා එකඟ වූ පසු පරීක්ෂණ එලෙසින්ම පවත්වාගෙන ගොස් තිබේ. ඉපදෙන විට දරුවා යහපත් සෞඛ්‍ය තත්වයකින් සිටි බවට වෛද්‍යවරුන් පවසයි. ඔවුන් දරුවාගේ උපත සඳහා මවගේ සහයෝගය ලැබේයැයි නොසිතු බවත් මව සැත්කමෙන් පසුව ජිවත් වේයැයි නොසිතු බවත් වෛද්‍යවරුන් පවසයි. මවගේ මොලය මියගිය පසු වැඩිම කාලයක් ගතවූ පසු සිදු කල සාර්ථකම දරු උපත මෙය බවට සදහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd