තම සංවිධානයේ මිළග ඉලක්කය වන්නේ ඇමරිකා ධවල මන්දිරය බව සඳහන් වන වීඩියෝවක් අයිඑස් අන්තවාදීහු නිකුත් කළහ.

මෙය ඔවුන් ඇමරිකාවට ප‍්‍රහාර එල්ල කරන බවට අනතුරු අගවමින් නිකුත් කර තිබෙන තෙවැනි වීඩියෝවයි.

ධවල මන්දිරය ගිනි ගෙන දැවෙන දුමින් එය කළු පැහැ කරන බවට ඔවුහු වහසි බස් කියති.

වොෂින්ටන් හා නිව්යෝර්ක් නගර වලටද ප‍්‍රහාර එල්ල කරන බවද,පැරිස් ප‍්‍රහාර මෙන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් ඒ සඳහා යොදාගන්නා බවද අයිඑස් අන්තවාදීන් පවසනු එම වීඩියෝවේ පටිගතවී ඇත.

අරාබි බසින් වන මෙම වීඩියෝව විමර්ෂණයට ලක්කර ඇති ත‍්‍රස්ත ප‍්‍රචාරණ කටයුතු සම්බන්ධව පරීක්ෂණ පවත්වන මැදපෙරදිග පර්යේෂණ ආයතනයේ මතය වන්නේ වීඩියෝව පටිගත කර තිබෙන්නේ ඉරාකයේ බවයි.

ඉරාකයේ අගනුවර වන බැග්ඩෑඩයට උතුරින් පිහිටා තිබෙන අයිඑස් පාලන ප‍්‍රදේශයක් වන ඩිජා ප‍්‍රාන්තයේ සිට මෙම වීඩියෝව පටිගත කර ඇති බවට සාක්කි අනාවරණය කරගැනීමට හැකිව තිබීම මෙයට හේතුවයි.

රෝමයට පෙර පැරිසිය යැයි එම වීඩියෝව එක් තැනක සඳහන් වන අතර එයින් අදහස් වන්නේ අයිඑස් ත‍්‍රස්තයින් ඉතාලියටත් ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් කරමින් සිටීමක්දැයි ආරක්ෂක විශේෂඥයෝ සැක පළකරති.

වීඩියෝව සම්බන්ධයෙන් අදහස් පළකර ඇති නිව්යෝර්ක් හා වොෂින්ග්ටන් නුවර වල බලධරයින් ත‍්‍රස්ත ප‍්‍රචාරණ කටයුතු වලින් තමන්ව බියට පත්කළ නොහැකි බවත් නගර වැසියන් ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බවත් පවසා තිබේ.

2E7F816200000578-3325952-image-201511207966962620 2E9CFE1700000578-332201511206_1447966848587 2E94213F00000578-3325952-Finally_the_man_is_seen_pullin20151120-49_1447966956728