මොළයේ වර්ධනයවී තිබූ සෛල ගොනුවක් ඉවත් ඉවත් කර ගැනීම සදහා වූ ශල්‍යකර්මයකට මුහුණදුන් බ්‍රසීල ජාතිකයෙකු එම සැත්කම අවසන් වන තුරු ගිටාරය වයමින් ගීතද ගැයීය.
බ්‍රසීලයේ නෝසා සේනහෝරා ඩේ කොන්සෙයිකාවෝ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම පුද්ගලයාගේ රෝගී තත්ත්වය අනුව හිස්කබල කපා මොළයේ වැඩී තිබූණු සෛල ගොනුව ඉවත් කළ යුතුයැයි වෛද්‍ය නිර්දේශ කර තිබිණි.
සැත්කම සිදුවන අවස්ථාවේ රෝගියා සිටියේ හොද සිහියෙන්ය.ඔහු ගිටාරය වැයුවේ වෛද්‍යවරුන්ගේ නිර්දේශය අනුවය.
රෝගියා ගිටාරය වයමින් සිටි නිසා ඔහුගේ මොළයේ ක්‍රියාකාරීත්වය හොදින් අධ්‍යයනය කිරීමටත්, ඒ උපකාරයෙන් මොළයට හානියක් නොකර වැඩී තිබුණු සෛල ගොනුව ඉවත් කිරීමටත් හැකියාව ලැබුණු බව වෛද්‍යවරු පවසති.
සැත්කමෙන් පසුව අදහස් දැක්වූ එම පුද්ගලයා කියා සිටියේ දකුණු අතේ සුලූ අප්‍රාණික භාවයක් තිබුණද ගිටාරය වැයීමට එය බාධාවක් නොවූ බවයි.වෛද්‍යවරු සැත්කම සිදුකළේ ඔහුගේ මොළයේ දකුණු කොටසේ බවද කියති.
2025 නොවැම්බර් මස 04
470
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2219
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1669
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මොළේ සැත්කම කරද්දී රෝගියා ගිටාරය වයයි
නන්ද Thursday, 04 June 2015 03:25 PM
මේක පුදුම ලෝකයක්... (ර)
පිටබැද්දර ජයා Thursday, 04 June 2015 07:38 AM
ලෝකය පුදුම තැනක් නේද ? (බ)
ජෙහාන් Friday, 05 June 2015 12:48 AM
කල්ප, ඒ 225 සම්බන්ධව මොළ ටික පිහිටා තිබෙන තැන නම් ගිටාර් ගහලාවත් සොයාගන්න වෙන්නේ නැහැ. (නි)
රූපවති Thursday, 04 June 2015 08:41 AM
මොලයේ කරන සෑම ශල්‍ය කර්මයකදිම ..ඒ රෝගියා හොද සිහියෙන් තබා ගැනීම අනිවාර්ය වීම වෛද්‍යවරුන්ගේ මතයයි..? (ම)
චාමර ප්‍රදීප් Saturday, 06 June 2015 02:14 AM
සංගීතයට මේ ලොව කරන්නට බැරි දෙයක් නැතිතරම් නේද? (නි)
කල්ප Thursday, 04 June 2015 12:51 PM
ඕක මොකද්ද කොටි 2ක් ම හාමතේ ඉන්නකොට 225 ගිටාර් ගහන්නේ... (ර)