සතියකට වරක් සිය කෑම වේලට මාළු එක්කැර ගැනීමෙන් මොළයේ සෞඛ්‍ය තත්වය වර්ධනය වන බව නව අධ්‍යනයකින් අනාවරණය වි තිබේ. තම්බා හෝ පුළුස්සා ආහාරයට ගැනීම වඩාත් සුදුසු බව ද ඔවුන් පවසයි.

මෙම පර්යේෂණයට පෙර විද්‍යාඥයන් සිතා සිටියේ මාළු හා ධාන්‍යවල අඩංගු ඔක්සිකාරක නොවන ඔමෙගා තුන හේතුවෙන් මොළයේ සෞඛ්‍ය තත්ත්වය වර්ධනය වන බවයි. මාළු කෑමෙන් මොළයේ සෞඛ්‍ය තත්ත්වය වර්ධනය වන්නේ ඔමෙගා ප්‍රමාණය හා සම්බන්ධයක් නොමැතිව බව ද මේ පර්යේෂණ වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

එමෙන් ම මාළු ආහාරයට ගැනිම මගින් සෞඛ්‍ය ප්‍රතිලාභ වැඩියෙන් ලැබෙන බව ද එම වාර්තාවෙන් පෙන්වා දී ඇත.

වයස්ගත අයගේ පෙනීම දුර්වල නොවී තබා ගැනීමට ද මතස්‍ය තෙල් ප්‍රයෝජනවත් වේ.

පර්යේෂණය සිදුකළ ආචාර්ය කිප් කෝර්නර් පවසන්නේ මාළු කෑමට එක්කැරගැනීමෙන් ලැබෙන පෝෂණය පෙනීම ආරක්ෂාකිරීමට ප්‍රමාණවත් ද යන්න කිව නොහැකි බවයි. මෙම අධ්‍යනයේ ප්‍රධානි පිට්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජේම්ස් බිකර් පවසන්නේ තම මාළු ආහාරයට ගැනීමෙන් මොලයේ මතකය සහ දැනීම ඇති කරණු ලබන ප්‍රදේශ පුළුල් වන බවයි.

විද්‍යාඥයින්ගේ ගණනයට අනුව වර්ෂ 2040 වන විට වැඩිහිටි වයසේ දි මතකය නැති විමේ රෝගය වැළදීමට හැකි පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 800ක් දක්වා වැඩිවීමට නියමිතය. මේ සඳහා මාළු කෑමට ගැනීම හොඳ පිළියමක් බව පර්යේෂකයෝ පෙන්වාදෙති.

baked 1 - Copy baked 2 baked 3