ඉන්දියාවේ මහරාස්ට්‍ර ප්‍රාන්තයේ ශනි නම් හින්දු දේවස්ථානයට කාන්තාවන්ට ඇතුළුවීම වළක්වා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. ඔවුන් එසේ කර තිබෙන්නේ මුම්බායි උසාවිය විසින් නිකුත් කැරුණු උසාවි නියෝගයක්ද කඩ කරමිනි.
සම්ප්‍රදායිකව පිරිමින්ට පමණක් ඇතුළුවිය හැකි එම දේවස්ථානයට කාන්තාවන්ට ද ඇතුළු වී යාච්ඥා කිරීමට මූලික අයිතියක් ඇති බව උසාවිය දැනුම් දුන් බව සදහන්ය.
එම උසාවි නියෝගය ලැබීමත් සමග කාන්තාවන් 100ක් පමණ ශනි දෙවස්ථානයට යාමට උත්සහ කර තිබේ. එසේ වුවත් සම්ප්‍රදාය විශ්වාස කරන ගැමියෝ ඔවුන් වැළැක්වූහ.
වසර හාරසියකට පෙර සිට එම සම්ප්‍රදාය පැවත එන බවට ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව කොතරම් දියුණු වෙන්න දත කෑවත් දියුණු වෙන්න නොහැකි වී තිබෙන්නේ මේ අන්ධ භක්තිය හිස මුදුනේ රඳවා ඉන්න නිසාවෙනි. අවාසනාවට අපේ රට ඉන්දියාව අසළ පිහිටි නිසා එම සියලුම අන්ධ භක්තීන් අප රට ආක්‍රමණය කළා. අපේ රට බටහිර පිහිටියේ නම් ඔය ගතිගුණ වලින් මිදීගෙන දියුණු තත්වයට පත්වීමට තිබුණා. (නි)
චානක ඔය ප්‍රශ්නෙට රටවල් වල පිහිටීම වෙනස් කරන්න තරම් සංකීර්ණ කරගන්න ඕන නැහැ. දැන් විසා අරගෙන තමන් කැමති රටකට යන්න පුළුවන්නේ. ඔයා ඉන්දියාව, ලංකාව ගැන දන්නේ මතුපිටින් විතරක් බව පෙනෙනවා. (බ)
එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් පිටියේ \"ලෝන්ග් රූම්\" එකට පිරිමින් පමණක් ඇතුලත් කර ගැනීමේ සම්ප්‍රදාය අදටත් රකිනවා .මම දන්නා තරමින් නම් එංගලන්තය බටහිර රටක් .(හේ)