ජයන්ත චන්ද්‍රසිරිගේ "මහරජ ගැමුණු" චිත්‍රපටය මැයි  31 වැනි ඉරුදින දහවල් 1.30 ට ලන්ඩන් නුවර හැරෝ සෆාරි සිනමාශාලාවේදී තිරගත කිරීමට යයි.

" අපේකම" සංවිධානය ලන්ඩන් නුවරදී සංවිධානය කෙරෙන දෙවන සිංහල චිත්‍රපට දැක්ම මෙයයි. මිට පෙර ජයන්ත චන්ද්‍රසිරිගේ " සමනල සංධවනිය" ප්‍රදර්ශනය කරන ලද්දේ ද එම සංවිධානය විසිනි.

ඉරිදා පැවැත්වෙන "මහරජ ගැමුණු" තිරගත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා සංවිධායකයින්ගේ ආරාධනාවෙන් එම චිත්‍රපටයේ රඟපාන ප්‍රවීණ රංගන ශිල්පිනියක වන යශෝධා විමලධර්ම ලන්ඩන් නුවරට පැමිණ සිටි.

"මහරජ ගැමුණු" දර්ශනය සඳහා චිත්‍රපටය ලබාදුන් එහි අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි, නිෂ්පාදක කණ්ඩායම, ලන්ඩනයේදී උදව් උපකාර කළ සියලුම දෙනා, දර්ශනය සඳහා සහභාගිවන යශෝධා විමලධර්ම සහ හැරෝ නගරාධිපති ඇතුළු සැමට " අපේගම" කණ්ඩායමේ කෘතඥතාවය පළකරන බවද ඇය කීවාය.

GAMUNU_2[1] GAMUNU_4[1] GAMUNU_7[1] GAMUNU_POSTER[1] GAMUNU8[1]