IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


මිහිපිට සොඳුරු පරාදීසයක්

සමෝවාවේ උපොලූ දුපතේ කඳු කුහරයක පිහිටි සුවා සමුදුරු ආගාධය ලොව පුරා සංචාරකයින්ගේ නෙත්සිත් ඇඳ බැඳ ගැනීමට සමත්ව තිබෙන ස්ථානයකි.

අඩි 98 ක් පමණ ගැඹුරු මෙම කඳු කුහරයේ පතුල පළිඟු මෙන් පැහැදිලි ජලයෙන් පිරී පවතී. එම ජලයේ ස්නානය කිරීමෙන් ගතට මහත් සුවයක් ලැබෙන බව කියැවේ.

පහළට බැසීම සදහා පසෙකින් ඉණිමඟක් සවිකර තිබෙන අතර ජලයේ සෙල්ලම් දැමීමට අකමැති සංචාරකයින්ට එම ඉණිමඟ පාදමෙහි පිහිටා තිබෙන වේදිකාවකට නැඟ අවට සිරි නැරඹීමට අවස්ථාව ලබාදී තිබේ.

පැසිපික් සාගරය හා ඇළ මාර්ග කිහිපයකින්ම සම්බන්ධව ඇති බැවින් වසර පුරාවටම කුහරයේ ජලය අඩුවීමක් සිදුනොවේ.

මෙම ස්ථානය සියලූදෙනා අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ස්ථානයක් යැයි සුවා සමුදුරු ආගාධය නැරඹීමට පැමිණ තිබෙන සංචාරකයින් අන්තර්ජාලයේ තිබෙන සංචාරක තොරතුරු සඳහන් වෙබ් අඩවිවල සටහන් කර තිබෙනු දැක ගත හැකිය.

2A2AB0E800000578-0-image-a-37_1435834530322[1] 2A2AB0F800000578-0-image-a-39_1435834536755[1] 2A2BB1FC00000578-3147100-image-a-3_1435847624693[1]

 

 



අදහස් (0)

මිහිපිට සොඳුරු පරාදීසයක්

සුපුන්මදුරංග Friday, 03 July 2015 09:00 AM

අපි කවුරුත් නොදන්නවා වුනාට අපේ රටේ නකල්ස් වලත් මීට නොදෙවෙනි ස්ථාන මම දැකලා තියෙනවා.....(බ)

:       0       0

කසුන් Saturday, 04 July 2015 02:19 PM

ඔයිට වඩා ලස්සන තැන් තියනවා අැල්ලවැල්ල වයේ ගිහෙල්ල හොයාල බලන්නකෝ (බ)

:       0       0

තිවංක මධුෂාන් Saturday, 04 July 2015 05:13 AM

ඔයිට වඩා ලස්සන තැන් නුවරඑළියේ තියෙනවා අපේ අයගිගින් නෑ (අ)

:       0       0

සඳුනි Monday, 06 July 2015 01:24 PM

ඇත්තටම ගොඩක් ලස්සනයි.මේක නම් විශ්මයජනක දෙයක්.දෙවියන්ගේ ප්‍රාතිහාර්යයක්. (නි)

:       0       0

කමල් Friday, 03 July 2015 09:41 AM

සුන්දර දසුනක් රැකිම අප සතු යුතුකමකි (ම)

:       0       0

අසංක Friday, 03 July 2015 09:59 AM

සුන්දර දසුනක් (ම)

:       0       0

සාගර Monday, 06 July 2015 02:16 PM

සදුනි,එතොකොට ලෝකේ තිබෙන අවලස්සන තැන්, කාගේ ප්‍රතිහාරයක්ද?.(හේ)

:       0       0

ඔෂාන් Saturday, 04 July 2015 06:32 AM

ලස්සන පස්සේ යන අයට නියමයි (නදී)

:       0       0

බින්දු පෙරේරා Friday, 03 July 2015 10:56 AM

ජපානෙත් තියෙනවා ඔය වගේම එකක් ..(හේ)

:       0       0

සාරම් Monday, 06 July 2015 08:55 AM

අපේ කුණු ගොඩවල් වලට වඩා කොයි තරම් ලස්සනද .අපේ රටේ ලස්සන හැම තැනකම දැන් පොලිතීන් වලින් වැහිලා. (ර)

:       0       0

කපිල සතරමිංහ Sunday, 05 July 2015 12:15 PM

ඒක නම් පුදුමාකාරයි (නදී)

:       0       0

සංජීව Friday, 03 July 2015 06:40 AM

ලංකාදීපයට බොහොම ස්තූකියි මෙවැනි මනරම් ස්ථාන පෙන්වාදීම ගැන.(ම)

:       0       0

කරුණාරත්න Friday, 03 July 2015 07:08 AM

පුදුමාකාර ලස්සනක්! (නි)

:       0       0

රුවන් Friday, 03 July 2015 02:35 PM

ඇත්තටම ලස්සනයි.(හේ)

:       0       0

උපාලි Sunday, 05 July 2015 07:47 AM

මේ විස්තරය ඉතා ලස්සනයි. එහෙත් බොහෝ දෙනා මෙතන කියන දේ ඇත්තයි. අපේ රටේ බොහෝ ප්‍රදේශවල මෙවන් දසුන් බොහෝ ඇත. පුදුමය වන්නේ අපේ රටේ සංචාරය කරන තරුණ කැල ඔවුන්ගේ සංචාර කාලය තුළ අවට පරිසරය නැරඹීම නොව විනෝද වීම පමණක් කරයි. පරිසරයටද හානි කරයි. තවත් බොහෝ ය අප රට දේ අගය නොකරති. පිට රට ඇමක් වේ නමුත් එය ආශ්චර්‍ය හැටියට දකිති. අප රට තරම් රැක ගත යුතු ලස්සන ආශ්චර්යමත් පරිසරයක් ඇති රටක් ඇතිද. ඉතින් එවන් පරිසරය රැක ගැනීම අප කාගේත් යුතුකම වන්නේය. ගහ කොළ සතා සීපාවා ආරක්ෂා කරමු. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 479 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2227 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1671 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site