උතුරු ඉන්දියාවේ රාජස්තාන් ප්‍රාන්තයේ "සර්දුල් කේඩා" ගමට අහාර හෝ ජලය සොයා පැමිණි දිවියෙකු ලොකු අකරතැබ්බයක මුහුණ පෑවේය.

නිවසක් අසල තිබු ඇලුමිනියම් මුට්ටියක දිවියාගේ හිස හිරවීය.

මුට්ටියේ පිසින ලද මස් ව්‍යංජනයක් තිබෙන්නට ඇතැයි දිවියා දුටු අසල්වැසි ගැමියෝ අනුමාන කළහ.

මුට්ටියේ හිරවූ හිස එලියට ගැනීමට නොහැකිව අසරණ බවට පත්වූ දිවියා යන එන මං නොදැන ඉබාගාතේ ඇවිද යනු ගමේ මිනිසුන් වටවී බලා සිටිනු කිහිප දෙනෙක්ම ඡායාරූප ගත්හ.

දිවියා නිර්වින්දනය කර මුට්ටිය ඉවත්කිරීම සඳහා පොලිසිය සහ වන සත්ත්ව කාර්යාංශ නිලධාරින් පැමිණ ඇත්තේ පැය පහකට පමණ පසුවය.

දිවියා අසල වනයේ සැරිසරන දිවි රංචුවකට අයත් අවුරුදු තුනක් පමණ වයස පිරිමි සතෙකු බව වනසත්ව නිලධරයෝ කියති.

පශු වෛද්‍ය වරයෙකු විසින් පරික්ෂා කිරීමෙන් අනතුරුව කිලෝමීටර් 14 ක් පමණ අතින් පිහිටි මහා වනයට එම සතා මුදා හරින ලද බවද එම වාර්තාවෙහි සඳහන්ව තිබුණි.

Kotiya-420151001 Kotiya-420151002 Kotiya-720151001 Kotiya-720151001-3 Kotiya-720151001-8