IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මුහුදෙන් හමුවූ බීර යළි නිපදවයි

අදින් වසර 150ට පෙරාතුව මුහුදේ ගිලී ගිය නැවකින් සොයාගත් බීර වර්ගයක් යළි නිපදවීමට බෙල්ජියමේ ලියුවෙන්ස් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටිති.

වර්ෂ 1842 දී ෆින්ලන්තයත් ස්වීඩනයත් අතර ඇලන්ඩ් දූපත් සමූහය ආසන්න මුහුදේ දී මේ නැව ගිලී ගොස් තිබිණි. නැව සම්බන්ධයෙන් ගවේෂණ කළ පුරාවිද්‍යාඥයන් විසින් අඩි 165ක් ගැඹුරේ තිබී බීර බෝතල් පහක් හා ෂැම්පේන් බෝතල් 145ක් සොයා ගෙන තිබිණි. ඒ අදින් වසර හතරකට පෙරාතුවය.

මේ බීර ගැන පර්යේෂණ කළ මහාචාර්ය ගයිඩෝ එට්ස්ටර් සහ ග්ර්ට් ඩි රවුක් විසින් සියවස් එකහමාරක් පැරණි බීර නැවත සකස් කැර ඇත. ඒ සඳහා වසරකට වැඩි කාලයක් වෙහෙස වූ බව ඔවුහු කියති.

‘‘ අපි පැරණී බීර බෝතල්වල තිබී සොයාගත් ක්ෂුද්‍ර ජීවීන් යොදාගෙන මේ බීර වර්ගය සෑදීමට භාවිතා කළ යීට්ස් හා බැක්ටීරියා ගැන සොයා බැලුවා. ඒ අනුව අපට හැකියාව ලැබුණා යළි මේ බීර වර්ගය ප්‍රතිනිර්මාණය කිරීමට “

මහාචාර්ය එට්ස්ටර් එසේ කියා ඇත.

beer 1 beer 6 - Copy

 



අදහස් (0)

මුහුදෙන් හමුවූ බීර යළි නිපදවයි

පතිරණ Saturday, 18 October 2014 11:17 AM

සිරිවර්දන මහත්තයා නාලාගිරියත් එක්ක එකට අඩියක් ගහලා වගෙයි (නදී)

:       0       0

සාරංග Sunday, 19 October 2014 04:39 AM

මිනිසුන්ගේ සෞඛ්‍යයට අහිතකර ඒවා හදන්නම තමයි පෙළඹෙන්නේ (නි)

:       0       0

උදාරත් Tuesday, 21 October 2014 06:23 AM

එකට බියර් බීපු යාලුවෝ කොහෙද මංදා..........නලිං එහෙම........(අ)

:       0       0

යසිත් Tuesday, 21 October 2014 12:11 AM

මේකේ අදහස් දැක්කහම මටත් මේවා බොන්න හිතුනා (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Friday, 17 October 2014 03:13 PM

වසර 150 ක් පැරණි බීර නැවත නිෂ්පාදනය කලොත් වෙන්නේ ලෝකයේ " ෂුගර් "රෝගීන්ගේ ප්‍රවනතාවයක් ඇති කිරීමයි. නරකද මේ බෙල්ජියන් විදු දරයින්ට වසර 2500 කට පෙර නාලාගිරි ඇතාට පෙවූ රා නිෂ්පාදනය ලෝකයට හඳුන්වා දෙන්න. රා ගැලුම් ගාණක් බීවත් සෞඛයට කිසිම හෙණයක් නැත. (නදී)

:       0       0

ලලිත් Friday, 17 October 2014 06:41 PM

ගාමිණී ඒ නාලාගිරියට දීපු ජාතියේ රා බෝතලයක් හොයල දුන්නොත් ඒගොල්ලෝ එක නිපදවයි. (අ)

:       0       0

නාලි Monday, 20 October 2014 02:43 PM

කුඩු ගහනවට වැඩිය හොඳා . (අ)

:       0       0

මැක්ෂි ලියනාරච්චි Friday, 17 October 2014 09:12 PM

එබෝලාවට මොනවා හරි හොයාගනිල්ලා බීර හදන වියදමික් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 596 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site