IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


මුහුදු කොල්ලකරුගේ නිධානය උඩට ගනී

ලොව නම්දරූ මුහුදු කොල්ලකරුවකු වන  ස්කොට්ලන්ත ජාතික විලියම් කිඩ් ගේ විනාශ වූ නැවක සැකිල්ලක තිබී රිදී කැබැල්ලක් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙය සොයාගෙන ඇත්තේ මැඩගස්කර් කිමිදුම් කණ්ඩායමක් විසිනි. කිලෝ 50ක බරින් යුතු රිදි කැබැල්ල හමුවි ඇත්තේ සෙන්ටිමාරි දිවයිනේ වෙරළ ආසන්නයෙනි.

ගවේෂක කණ්ඩායමේ නායක ඇමෙරිකානු සාගර විද්‍යාඥ බැරි ක්ලිෆර්ඩ් පවසා ඇත්තේ මෙවැනි රිදී පොලු තවත් විශාල සංඛ්‍යාක් නැව් සැකිල්ලේ ඇතැයි සැකකරණ බවයි. පර්යේෂකයෝ මේ රිදී කැබැල්ල මැඩගස්කර් ජනාධිපතිවරයාට ප්‍රධානය කැර තිබේ.

කැප්ටන් කිඩ් මුහුදු කොල්ලකරුවකු බවට පත්වූයේ මුහුද් කොල්ලකරුවන් මැඩලීමට යාමෙනි. බ්‍රිතාන්‍ය විසින් ඔහු මුහුදු කොල්ලකරුවන් මැඩලීමට පත් කළ ද පසුව ඔහු ද මුහුදු කොල්ලයේ යෙදෙන්නට වීම හේතුවෙන් 1701 දී මරණ දඩුවම ලබා දුන් බව සඳහන්ය.

කිඩ්ගේ නැව 1698 දී මැඩගස්කර් ආසන්න මුහුදේ දී විනාශ වූ අතර එහි තිබුණු දෑ අතරින් මෙතෙක් සොයාගෙන ඇත්තේ රිදී කැබැල්ල පමණි.

Pirates 1 - Copy Pirates 4Pirates 4 Pirates 1 - Copy

 

 



අදහස් (0)

මුහුදු කොල්ලකරුගේ නිධානය උඩට ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 457 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2210 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site