අඟලක පමණ විශ්කම්භයකින් යුතු අඩි 4ක් පමණ දිගකින් යුතු යකඩ දණඩක් මුහුණ පසා කරගෙන ඇතුළු වුවද පුදුමාකාර ලෙස දිවි ගලවාගැනීමට චීනයේ ගුවැන්ග්සි ප්‍රාන්තයේ පුද්ගලයෙක් සමත්වූවේය.
යකඩ දණ්ඩ ඔහුගේ මුහුණේ දකුණු පස නළල ප්‍රදේශයෙන් ඇතුල්වී වම් පස කම්මුලෙන් පිටතට විත් තිබුණි.
එසේ වුවද ඔහු සිටියේ හොද සිහියෙන්.
වෛද්‍යවරු සැත්කමක් ආධාරයෙන් යකඩ දණ්ඩ ඉවත් කළහ.
ඔවුන් පසුව පැවසූයේ තව මදක් එහා මෙහා වී නම් මොහු මරණයට පත්වන්නට ඉඩ තිබූ බවයි.
ඔහු නිවස පිරිසිදු කරමින් සිටියදී ඉහළින් වැටුණු යකඩ දණ්ඩ මෙසේ ඔහුගේ මුහුණ පසා කරගෙන ගොස් ඇතැයි සඳහන්ය.
දැන් ඔහු සුවය ලබමින් සිටී.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙර ආත්මයේ පින් කල කෙනෙක්. (නදී)
මරණය පැමිණෙන්නේ අපට අවශ්‍ය වෙලාවට නොව ,දෙවියන්ගේ කැමැත්ත ලෙසයි. (නි)
ගොඩක් පින්! (නි)
අනේ ඔහුට ඉක්මන් සුවය ලැබේවා! (නි)
ලංකාවෙත් ඉන්නවා මෙහෙම වෛද්‍යවරු. ලංකාවෙ වෛද්‍යවරුන්ට ලෝකයේ ලොකු පිළිගැනීමක් තිබෙනවා (නි)
අනේ වාසනාවන් (අ)
ලංකාවෙත් මෙහෙම වෛද්‍යවරු ඉන්නවානම්? (ස)
ඔහු ඉතා වාසනාවන්තයෙක්.ඉතා දක්ෂ ලෙස රෝහලට ගෙනෙවිත් ප්‍රතිකාර කලාට ස්තුතියි. (ස)
වෛද්‍යවරු කියන්නේ මිහිපිට ඉන්න පෙනෙන ලෝකයේ දෙවිවරු (අ)