ගිනේ රාජ්‍යයේ මහජන මුදල් අවභාවිත කළ බවට චෝදනා ලද ජනාධිපතිගේ පුතකුට එරෙහිව ප‍්‍රංශ අධිකරණයේ නඩුවක් විභාග වේ.

මධ්‍යම අප‍්‍රිකාවේ උතුරින් කැමරූන් හා දකුණින් ගැබොන් රාජ්‍යයට මායිම්ව වර්ග කි:මී: 28,000ක් විශාල අප‍්‍රිකාවේ බටහිර සීමාවෙන් අත්ලන්තික් සාගරයට මායිම්ව පිහිටි බොර තෙල්, ගෑස්, මෙතනෝල් ගෑස්, කොකෝවා හා දැව සම්පතින් පිරුණු ගිනේ හි ස්පාඤ්ඤ, ප‍්‍රංශ, පෘතුගීසි ප‍්‍රධාන භාෂාවන් වන අතර මලාබෝ අගනගරය ලෙස සැලකේ.

එහි දිනකට බැරල් 360,000ක ධාරිතාවයක් නිෂ්පාදනය කරයි. තියෝඩොර් ඔබියන්ග් එන්ගියුමා එම්බාසොගෝ එහි වත්මන් ජනාධිපතිවරයාය. ඔහුගේ එකම පුතා තියොඩෝරින් එන්ගියුමා ඔබියන්ග් (47) උප ජනාධිපති ලෙස ගිය වසරේදි පත් කළ අතර ඊට පෙර කෘෂිකර්ම හා වන සම්පත් ඇමති ලෙස කටයුතු කළේය.

එරට මහජන මුදල් අවභාවිතයට හා දූෂණයට ලක්වී ඇති බවට ජාත්‍යන්තර ට‍්‍රාන්ස්පේරන්සි ආයතනය කළ පැමිණිල්ලක් හේතුවෙන් හේග් නුවර ජාත්‍යන්තර අධිකරණයේ හා ප‍්‍රංශයේ ඉහළ අධිකරණයේ නඩු විභාගයක් ජනවාරි 2 දා සිට ආරම්භවූ අතර ප‍්‍රංශයේ ඉහළ අධිකරණ නියෝගයක් මත එන්ගියුමා ඔබියන්ග්ට ප්‍රංශයේ හිමි  වත්කම් ගැන පරීක්ෂණ ඇරඹීය.

ඒ අනුව පැරීසියේ පැරිස් කලාප අංක 16 හි රන් ආලේපිත නාන කාමරයක්, සිනමා ශාලාවක්, ව්‍යායාම් ශාලාවක්, ඩිස්කො ශාලාවක්, උණු වතුර සම්භාහන තටාකයක්, සැලූනයක් ඇතුළත් යුරෝ මිලියන 107ක් (රුපියල් කෝටි 1150) වටිනා නිවසක්ද පැරිස් කලාප අංක 16හි විශාල හෝටල් මන්දිරයක ඔහුටම වෙන් කළ අති සුඛෝපබෝගී කාමරයක්ද සොයා ගැනීමට හැකිවී තිබේ. වසර 2004 හා 2011 අතර යුරෝ මිලියන 110 ක මුදලක් ප‍්‍රංශයේ හා ස්විස් බැංකු වලට බැර කර ඇති බව සාක්කි සහිතව සොයා ගෙන ඇත.

පැරිස් කළාප අංක 16හී  ඇවනිව් ෆෝස් නමින් හැඳින්වෙන මාවත අද්දර භූගත වාහන රථ ගාලක ජනපති පුතුට අයත් බෙන්ට්ලි, රෝල් රොයිස් පැන්තොම්, බෙන්ට්ලි අෂූර්, පෙරාරි 590 ජී.ටි. ඕ, ෆෝර්ශ් කරේරා 980 ජී.ටි, බුගාටි වෙර්යොන්, මැසරාටි එම්.සී 12, මර්සිඞීස් බෙන්ස් මේබැච් 62, යන අති සුඛෝපබෝගී කාර් සමග වාහන 11 ක් සොයා ගැනීමට හැකිවී තිබේ. අවිවාහක ඔහු එක් එක් පෙම්වතියන් සමග ලෝකය වටා සංචාරය කරමින් අති විශාල මුදලක් වියදම් කරන බව ප‍්‍රංශ මාධ්‍ය විසින් හෙළිකර ඇත.

පසුගිය කාලයේ ඇමෙරිකන් රූපවාහිණී සුරූපි නිළියක් වූ ෆෝර්ශා විලියම්ස් සමග ඇසුරක් පවත්වා ගෙන සිටි ඔහු වර්තමානයේ ක‍්‍රිස්ටිනා මිකෙල්සන් නම් සුරූපි ඩෙන්මාර්ක් ජාතික තරුණියක් සමග පෙමින් වෙළී සිටී.

ඊට අමතරව කොන්ගෝ රාජ්‍යයේ ජනාධිපති ඩෙනිස් සාසූ එන්ගියුසෝ හා ගැබොන් රාජ්‍යයේ ජනාධිපති ඔමාර් බොන්ගෝට එරෙහිවද මහජන මුදල් වංචා කිරීම හේතු කොට ප‍්‍රංශ අධිකරණයේ පරීක්ෂණ ආරම්භ වීමට නියමිතය.

_________--_____-________-___ _____-____-_____-___-________-______-_________-st-Tropez __________-____--___--____-____-____-01 teodorin-obiang-son-of--president-equato-guineen teodoro-nguema-obiang-mangue