අනාගතයේ දී පෘථිවියේ ඇතිවනු ඇති බවට දැනටමත් පෙර ලකුණු පළව ඇති බලශක්ති අර්බුදයට සඳෙහි ඇති හීලියම් වලින් පිළියම් යෙදිය හැකිවේයැයි චීන විද්‍යාඥයෝ කියති.
සඳෙහි හීලියම් වායුවේ සමස්ථානිකයක් වන හීලියම් 3 ටොන් ගණනින් ඇතැයි සොයාගෙන තිබෙන අතර චීන විද්‍යාඥයින් පවසන්නේ මෙම හීලියම් සමස්ථානිකය අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා කෙරෙන විදුලි බලාගාර නිපදවීමට හැකියාව ඇති බවයි.
සඳෙහි ඇති හීලියම් 3 සමස්ථානික ප‍්‍රමාණය සැළකූ විට තවත් අවුරුදු 10000 කට පමණ පෘථිවියේ බල ශක්ති අවශ්‍යතාවය පිරිමැසීමට එය ප‍්‍රමාණවත් බවද ඔවුහු කියති.
හීලියම් 3 පෘථිවියේ මත නොපැවතේ .විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ පෘථිවියේ පරිසර තත්ත්වය සමග එයට පැවැතීමට හැකියාවක් නොමැති බවයි.
වායුගෝලයක් නොමැති,චුම්භක ක්ෂේත‍්‍රයක් නොමැති සඳ මත හීලියම් 3 ට පැවැතීමට හැකියාව ඇත.
සූර්ය සුළං වලින් හීලියම් 3 සඳ මතට පතිත වන බව පැවසේ.හීලියම් මෙන්ම හීලියම් 3 යනු වායුවක් වුවත් සඳ මතදී එය ඇත්තේ සඳෙහි ඇති දුහුවිලි වල අන්තර්ගතවය.
විද්‍යාඥයින් පවසන ආකාරයට සඳ දුහුවිලි සෙල්සියස් අංශක 600 ක පමණ උෂ්ණත්වයකට රත් කළහොත් හීලියම් 3 නිදහස් වේ.
මෙම හීලයම් 3 යොදාගෙන දැනට ‘‘විඛණ්ඩන‘‘ න්‍යාය යටතේ කි‍්‍රයාත්මක වන න්‍යෂ්ඨික බලාගාර හා සමාන බලාගාර විශේෂයක් තැනිය හැකියැයි සඳහන්ය.
චීනය පවසන පරිදි සඳෙන් හීලියම් කැණීමට,ඒවා පෘථිවිය වෙත ගෙන ඒමට,බලාගාර තැනීමට,රොකට් හා වෙනත් අභ්‍යාවකාශ යානා තැනීමට ඩොලර් බිලියන 20 ක් වත් වැයවනු ඇතැයි ඇමරිකා අභ්‍යාවකාශ විශේෂඥයෝ පවසති.
වියදම කුමක් වුවත් සඳේ සිට හීලියම් පෘථිවිය වෙත ගෙන ඒමට හා බලාගාර වලට යෙදවීමට චීනය උනන්දුවෙන් සිටී.
චීනය සඳෙන් හීලියම් කැණීමට සැරසෙද්දී සඳ ඇත්තෙන්ම අයත් කා හටදැයි ගැටලූවක්ද පැන නැගී තිබේ.
එක්සත් ජාතීන්ගේ අභ්‍යාවකාශ සම්මුතියට අනුව සඳේ ඇති සම්පත් වලින් ප‍්‍රයෝජන ගන්නේ නම් එම ප‍්‍රයෝජනයන් පෘථිවි වාසීන් සියල්ලන්ගේම හිතසුව සදහා විය යුතුය.ෙමෙම සම්මුතියට චීනයද අත්සන් තබා ඇත.නමුත් විචාරකයින් පවසන්නේ මෙම සම්මුතියේ ඇති හිඩැස් වලින් රිංගීමට හැකි වන්නේ නම් සඳ තමන්ගේ බූදලයක් ලෙස තබාගැනීමට ඕනෑම අයෙකුට හැකියාවද ඇති බවයි.
සඳෙන් මුදල් ඉපැයිය හැකි මාර්ගයන් දෙස රාජ්‍ය මෙන්ම පෞද්ගලික පාර්ශවයන් රැසක් ඇස ගසාගෙන සිටින බවද නොරහසකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගතයේ මොකද, දැනුත් ඉතින් බිල් එවන්නෙ හඳෙන් ගේන ගානටනේ. බිල දැක්කම අපිට නම් හඳ කොහොම වෙතත් තරු නම් පෙනෙනවා (නි)
හඳෙන් හාල් ගේන්නත් හැදුවා කාලෙක (දී)
හදත් ඉවරයි... මේ විදිහට යනකොට පාරිසරික තුලනය බිදිලා ගිහින් මොනවයින් මොනවා වෙයිද දන්නේ නැහැ. (දී)
හදෙන් ලයිට් දෙන්නේ කොහොමද (දී)
ෂෙරිෆ් වැරදියි තවටිකක් ඉගනගන එන්න (දී)
මේකට අපේ අය දාන කොක්කට ඇමෙරිකාව සහ යුරෝපය බයවෙනවා එතකොටම ඕක ලොප් වෙනවා මොකද මේ දෙගොල්ලොම බඩ වියත දැනට රැකගෙන ඉන්නේ මැදපෙරදිග නිසා අපෙත් සියලු ගනුදෙනු තියෙන්නේ හඳත් එක්කනේ මේදෙගොල්ලොම මැදපෙරදිග නැත්නම් මැරිලා පස්වෙල අවුරුදු ගානක් වෙනවා මානව හිමිකම් කාරයන්ට හිගා කන්න වෙනවා ඕකයි ඇත්ත අනේ මන්ද මම හරිද කියල ? (අ)
අනෙමන්ද, එක එක ග්‍රහලෝකවල කොටස් ගෙනල්ලා මුළු විශ්වයම පටලවයිද (දී)
ඉතා හොඳ තොරතුරක් - මාධ්‍ය වගකීම මැනවින් ඉටු කිරීමට නම් මෙවැනි නව තාක්ෂනය සමග වූ ගවේශනාත්මක ලිපි ද පලකල යුතුමය (දී)
බයවෙන්න එපා. ලංකාවේ කට්ටිය හදට ගියොත් තමයි හදත් එවර වෙන්නේ. නැත්නම් හද විනාස කරන්නේ නැහැ. ලංකාවේ අය කොහොමත් ගිය තැන පහරනවා. (දී)
සෙත්මිනි යන නමින් පෙනී සිටින අය වෙත, සෙත්මිනි වගේ අය ගැනම වෙන්න ඇති සෙත්මිනි ඔය කියන්නෙ. එයාගෙ ගෙදරින් ලැබෙන ආර්ශ තමයි ඔය. (දී)
හැදෙන් කොහේ විදුලිය ගන්නද එයත් ඉල්ලා ගන්නේ ඉරෙන් (දී)