අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ජනේල මත තිබී සත්ත්ව ප්ලවාංගයන් හමුවීමත් සමග පෘථිවියේ ජීවය ඇතිවීමට පිටසක්වල බලපෑමක් තිබී ඇතැයි යන මතය තවදුරටත් තහවුරු වන්නේයැයි බි‍්‍රතාන්‍යයේ අභ්‍යාවකාශ ජීවවිද්‍යාව සදහා වන ආයතනයේ මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමසිංහ පවසයි.
අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ජනේල පිරිසිදු කරමින් සිටි රුසියා ජාතික ගගනගාමීන් දෙදෙනෙකුට මෙම සත්ත්ව ප්ලවාංගයන් හමුව ඇතැයි සඳහන්ය.ප්ලවාංගයන් යනු ඉතා ප‍්‍රාථමික ජීවී කොට්ඨාශයක් වන අතර වඩා මිනිස් අප,සිව්පාවන් ආදී සංකීර්ණ ජීවීන් පරිණාමය වී ඇත්තේ ප්ලවාංගයන්ගෙන් බව විශ්වාස කෙරේ.පෘථිවියේ සාගර පරිසර වල මෙම ප්ලවාංගයන් සුලබව දැක ගත හැකිය.
මෙසේ සාගර වල පාවෙමින් තිබෙනා ප්ලවාංගයන් පෘථිවියේ සිට අභ්‍යාවකාශයට විහිදෙන වායු දහරාවන් නිසා ඉහළට යන්නට ඇතැයිද අනතුරුව ඒවා අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ජනේල මත තැන්පත් වන්නට ඇතැයිද මතයක් ඉදිරිපත් කෙරී තිබෙන මුත් එය බැහැර කරන මහාචාර්ය වික‍්‍රමසිංහ පවසන්නේ අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පවතින සම්පූර්ණයෙන්ම රික්තයක් වන පරිසරය දක්වා වායු දහරා විහිදෙන බව පැවැසීම යනු සියලූම භෞතික විද්‍යා නියමයන්ට අනුකූල නොවන ප‍්‍රකාශයක් බවයි.
අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය මත තිබී ප්ලවාංග සමුවීම පැහැදිලි කර දිය හැකි එකම දේ වන්නේ ඒවා අභ්‍යාවකාශයෙන් වැටුණේ යැයි සැළැකීම පමණක් බව ඔහුගේ අදහසයි.
පෘථිවියට අතීතයේ මෙන්ම මෑත කාලයේදීත් පතිත වී ඇති උල්කාෂ්ම වල තිබී ඇල්ගී,ඩයටම,ප්ලවාංග වැනි ප‍්‍රාථමික ජීවී විශේෂයන් හදුනාගත හැකිවූ බවද පවසන මහාචාර්ය වික‍්‍රමසිංහ පසුගිය වසරේ ශී‍්‍ර ලංකාවට පතිතවූ උල්කාෂ්ම වල තිබී හදුනාගත හැකිවූ ඩයටමයන් මෙයට ආසන්නතම සිදුවීම ලෙස පෙන්වා දේ.
මෙම උල්කාෂ්මයන් කොහේ සිට පැමිණියාදැයි සොයාගත නොහැකිවුවද ඒවායේ ජීවයේ සාක්ෂි තිබීම යනු අභ්‍යාවකාශයේ වෙනත් කොතැනක හෝ තැනක ජීවය පවතින බවයැයි ඔහු පවසයි.ප‍්‍රාථමික ජීවී විශේෂයන් වන ඩයටමයන්,ප්ලවාංගයන්,හා ඇල්ගී පරිනාමය වී පෘථිවියේ ජීවය ඇතිවූ බව විද්‍යා ලොව පිළිගත් මතයකි.එසේනමුත් මෙම ප‍්‍රාථමික ජීවී විශේෂයන් පෘථිවිය මත ඇතිවූයේ කෙසේද යන්න ගැන විද්‍යාඥයින් අතර පවතින්ගේ මත ගැටුමකි.
මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමසිංහ වැන්නවුන් විශ්වාස කරන්නේ මෙම ප‍්‍රාථමික ජීවීන් පෘථිවියට පැමිණ ඇත්තේ පිටසක්වල සිටය කියාය.මෙම න්‍යාය විද්‍යා ලොව හැදින්වෙන්නේ ‘‘පැන්ස්පර්මියා‘‘ ලෙසය.
මහාචාර්ය වික‍්‍රමසිංහට අනුව අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය මත තිබී සත්ත්ව ප්ලවාංග හමුවීම යනු කිසිදු සැකයක් නොමැතිවම ජීවය පිටසක්වල සිට පැමිණ ඇතැයි තහවුරු කරන්නකි.ඔහුට අනුව මිනිස් අපද එක්තරා ආකාරයකට පිටසක්වල ජීවියෝය.
මහාචාර්ය වික‍්‍රමසිංහගේ අදහසට සමානව අදහස් පළ කරන බි‍්‍රතාන්‍යයේ ෂෙෆිල්ඞ් සරසවියේ මහාචාර්ය මිල්ටර් රයිට් පවසන්නේ මින් පෙර පෘථිවියේ සිට සැතපුම් 17 ක් පමණ ඉහළ අවකාශයේ මෙවන් ජීවී විශේෂ සිටින්නේයැයි සාක්ෂි සොයාගැනීමට තමන්ට හැකිව ඇතත් අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පිහිටා ඇති සැතපුම් 200 ක් පමණ ඉහළ අභ්‍යාවකාශයේ සංකීර්ණ ජීවී විශේෂ සිටිනු තමන් දකින්නේ ප‍්‍රථම වතාවට බවයි.
මෙම ජීවීන් කිසිලෙසකින්වත් පෘථිවියේ සිට අභ්‍යාවකාශයට ‘‘විසි‘‘ වී නැතැයි කියන ඔහු ජීවීන් අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට පැමිණ ඇත්තේ පිටසක්වලින් යැයි පැවැසීම මිස අන්කිසි පැහැදිලි කිරීමක් සිදුකළ නොහැකියැයි පවසයි.
අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ජනේල පිරිසිදු කිරීමේ නිරතව සිටි රුසියා ගගනගාමින් දෙපළ වූ ඔලෙක් අර්ටෙම්යෙව් හා ඇලෙක්සැන්ඩර් ස්කොර්ට්සොව් යන දෙදෙනා මෙම ප්ලවාංගයන් සත්‍ය වශයෙන්ම ප්ලවාංගයන් යැයි තහවුරු කරගැනීමටද තම උපකරණ භාවිතයෙන් හැකිවූ බව පවසන්නෝය.
මෙම සොයාගැනීම මුලූ මහත් විද්‍යා ලෝකයම අන්දමන්ද කරවීමට සමත්විනි.මේ දක්වා සිදුකළ පරීක්ෂණ වලින් බැක්ටිරියා වලට අභ්‍යාවකාශයේ ජීවත්වීමට හැකියාව ඇතැයි තහවුරු වී තිබුණද ප්ලවාංග වැනි සංකීර්ණ ජීවී විශේෂයක් අභ්‍යාවකාශයේ නොනැසී පවතිනු විද්‍යාඥයෝ හඳුනාගත්තේ ප‍්‍රථම වතාවටය.
මේ ප්ලවාංග අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ තිබී හමුවූයේ කෙසේදැයි පැහැදිලි කිරීමට නොයෙක් මතයන් ඉදිරිපත් විය.
මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමසිංහ පවසන ප්ලවාංගයන් අභ්‍යාවකාශයේ සිට වැටී ඇතැයි යන මතය හා පෘථිවියේ සිට විහිදෙන වායු දහරා වලට හසුව ඒවා අභ්‍යාවකාශය දක්වා ගොස් ඇතැයි යන මතයට අමතරව තවත් මත දෙකක් ඉදිරිපත් කෙරුණි.
ඉන් එකක් වූයේ අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ගෙනවිත් තිබුණූ රුසියාවට අයත් උපකරණ වල මෙම ප්ලවාංගයන් තැවැරී තිබෙන්නට ඇති බවයි.නමුත් එම මතය බිඳ හෙලූ රුසියා විද්‍යාඥයෝ පෙන්වා දුන්නේ රුසියාව අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ගගනගාමිීන් හා වෙනත් උපකරණ යැවීමට යොදාගන්නා බයිකොනුර් ප‍්‍රදේශයේ ප්ලවාංගයන් පැවැතීමට හැකි ජලජ පරිසරයක් නොමැති බවයි.
අනෙක වූයේ අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ඇමරිකාව යවන ලද උපකරණ වල තැවැරී මෙම ප්ලවාංගයන් පැමිණෙන්නට ඇති බවයි.මෙම මතය සළකා බැලිය යුතු වන්නේ ඇමරිකාව අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය සම්බන්ධ මෙහෙයුම් කටයුතු සිදුකරන්නේ අත්ලන්තික සාගර කලාපය ආශ‍්‍රිත ප‍්‍රදේශයක සිට වන නිසාය.
කෙසේනමුත් මෙම සොයාගැනීම සම්බන්ධයෙන් ඇමරිකා ගුවන් හා ගගන ඒජන්සිය (නාසා)කිසිදු ප‍්‍රකාශයක් නිකුත් කර නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෘථිවියට ඉතා සියුම් ජිවය පැමිණියේ ආභස්සර නම් ලෝකයෙන් බවත්, එම ඉතා සියුම් ජීවය අද පවතින සංකීර්ණ සත්ව කොට්ටාශ බවට ක්‍රමයෙන් පරිණාමය වූ බවත් ගෞතම බුදුන් වහන්සේ පැවසුවේ මීට අවුරුදු 2600 කට කලින්. (අග්ගනඥ සුත්‍රය) (නි)
හිරාන්, මැවුම්කාර දෙවියන්වහන්සේට අභියෝග කරන්න කිසිවෙකුට බැරිබව මතක තබාගන්න.අද විද්‍යාවට ඔප්පුකරන්න බැරිකාරනා බොහෝය.මැවීම සම්බන්ධව නිවැරදි විද්‍යාත්මක ඔප්පුකලහැකි කාරනා බයිබලය සඳහන්කරඅැත.(අ)
මිලානෝ ජයන්ත, අනේ ඔව් මොනවට කියනවද ඔය මැවීම ගැන (නදී)
මිලානෝ ජයන්ත, ඕක දෙන්නකෝ විද්‍යා පර්යේෂකයෙක්ට. එතකොට වැඩේ ඉවරනේ. අපි එක රැයකින් ගැටළු ගොඩක් විසදා ගනිවිනේ (නදී)
මිලානෝ ජයන්ත, මැවුම්කාර දෙවියන්වහන්සේ මවපු හින්ද වෙන්න ඇති සිරියාවේ කිතුනුවන්ගේ බෙලි කප කපා සමහරක් කට්ටිය යන්නේ (නදී)
මිලානෝ ජයන්ත, මම ඔබටවත්, මැවුම්කාර දෙවියන්ටවත් අභියෝග නොකරමි. කරුණාකර මගේ මෙම ඉතා සරල ප්‍රශ්නයට පමණක් පිළිතුරක් දෙන්න. පෘථිවියේ මිනිසා බිහිවීමට වසර මිලියන ගණනකට පෙර ඩයිනොසර යුගයක් තිබුන බවත්, එම යුගයේ මිනිසා ඇතුළු දැනට මෙහි වාසය කරන සත්වයන් බොහොමයක් නොසිටි බවත් ඉතාමත් පැහැදිලි ලෙස ස්ථිරවම තහවුරුකර තිබෙනවා. බයිබලයට අනුව දෙවියන් වහන්සේ මුලින්ම මැව්වේ මිනිසානම්, ඉහත දේ සිදුවුයේ කෙසේද?(නදී)
මේ පෘතුවියේ මිනිසා බිහිකළේ පිටසක්වලින් පැමිණි අපට වඩා තාක්ෂණයෙන් අවරුදු මිලියන ගණනක් ඉදිරියෙන් සිටින දියුණු ජීවින් විසිනුයි එ්ක පිළිගන්න පවා තවම අපේ මනස පවා දියුණු වී නැහැ(අ)
අනේ හිරාන්, ආගමික දේවල් ඉතා සංවේදියි ඕවා ගැන කතා කිරීම ඇතැම් සිත් රිදීමටද හේතුවක්.(නදී)
හිරාන්, මිනිසා ඉතාම විෂ්මජනකයි. එයට හරි පිළිතුරක් නැති නිසා තමයි එදා නොදිවුණු මිනිසුන් යම්කිසි නොපෙනෙන බලවේගකින් බිහිවුණු බව කියමින් අත සෝදාගත්තේ. නමුත් අද එම ගැටලුවට විද්‍යානුකුලව පිළිතුරක් තිබෙනවා. (නදී)
පෘතුවියට ජීවයේ කොටස් පැමිණියේ මෙහෙමයි. පළමුවෙන්ම අාවේ සුර්යාගේ සැලසුම හෙවත් පෘතුවිය පමනයි. කලක් මතුපිට පෘෂ්ටයේ එම කොටස් පියවර කීපයක් වෙනස්කම් ඇති උනා. තුන්වෙනුව උල්කාපාත ගෙන ආවා වේග කට්ටලයට එකතු උනා (නදී)
ගයාන් හරි. ග්‍රහලොවක ජීවය ඇතිවෙන්න කාරණා විශාල ප්‍රමාණයක් සම්පුර්ණ වෙන්න ඕනේ. මිට අවුරුදු මිලියන ගණනාවකට ඉස්සෙල්ලා සත්ත්ව ප්ලවාංග ග්‍රහ කැබැල්ලක මාර්ගයෙන් පොළොවට වැටුනා කියල ජිවය ඇතිවෙන්නේ නැහැ. සුර්රයාගේ සිට නියමිත දුරකින් ග්‍රහලොව පිහිටා තිබීම, කාබන්, නයිට්‍රජන, ඔක්සිජන් ,හයිඩ්ජන වැනි මුලද්‍රව්‍ය තිබීම, ග්‍රහ ලොව අභයන්තරයේ සක්‍රීයත්වය වැනි කරුණු බලපානවා. (නදී)
මිලානෝ ජයන්ත,ඔයා කන්නේ පස්ද තනකොලද ? (නදී)
ග්‍රහ ලෝකවල් කවදා හරි සරිලන ලෙස තම හිරු ගෙන් ඈත්වූ හෝ ලංවූ විටකදී, ජීවයක් නිපදවීමට සරිලන දේශගුණයක් හා පරිසරයක් ඇතිවෙනවා. (අ)
වික්රමසිංහ මහතා විසිස්ඨ බුද්දීමතෙක් බව අවිවාදිතයි. නමුත් ආලෝක වර්ෂ කෝටි ගානක් දුර ගෙවාගෙන රික්තකය හරහා ජීවය ඇවිත් ජනේලයේ වැදුනා කියලා හිතනවාට වඩා සැතපුම් 200 ක් දුරින් තියෙන පෘතුවියේ සිට ජීවය ගිහින් ජනේලයේ තැවරුණා කියන එක මට නම් විස්වාස කරන්න පුළුවන්.(නදී)
සේන. ඔබ නිවැරදි විය හැකිය. බිලියන ගණනක් මන්දාකිනි සහිත විශ්වයේ කොහේ හෝ දියුණු ජීවයක් පැවතිය හැකිය. නමුත් ආලෝක වර්ෂ කෝටි ගානක් දුර ගෙවාගෙන රික්තකය හරහා ජීවය ඇවිත් ජනේලයේ වැදුනා කියලා හිතනවාට වඩා සැතපුම් 200 ක් දුරින් තියෙන පෘතුවියේ සිට ජීවය ගිහින් ජනේලයේ තැවරුණා කියන විස්වාස කරන්න පුළුවන්. (අ)
මිලානෝ ජයන්ත,ඔබ ලක්විදුට දෙන්නේ කෙබදු පිළිතුරක්දැයි දැනගැනීමට මම පුලපුලා බලාසිටිමි. (අ)
ලක්විදු ගේ ප්‍රකාශය නිසා මිලානෝ ජයන්ත මෙතැනින් සුවර්ගස්ත විය. (අ)
මිලානෝ ජයන්ත,කට්ටියක් ලෝකේ පැතිලි කියල කෑ ගහනව, ඔයා ඊට දෙවැනි නෑනේ! (අ)
මිලානෝ ජයන්ත, ඔයා බෝට්ටුවෙන් නේද ඉතාලි ගියේ? (නදී)
මේක මාර වැඩක්නේ කට්ටියක් පොතක ලියල තියෙන දේවල් පස්සේ ගිහින් බෙලි කප කප යනවා. මිලානෝ ජයන්ත තවත් පොතක් ගැන දොඩවනවා! (නදී)
ප්‍රසංග හා මිනිපේ කියන කතාව ඉතාමත් ඇත්තයි.(අ)
මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ ලෝපතල වුයේ ඒ මහතා විද්‍යාත්මක පර්යේෂණ තුලින් උකහා ගත් දැනුම උපයෝගී කරගෙන න්‍යායන්, අභ්‍යයුහපගමනයන් හා ප්‍රස්තුතයන් ඉදිරිපත් කරන නිසයි. විද්‍යාව කිසිකෙනෙකුට බලෙන් උගන්වන්නේ නැත. එහෙත් බහුතරයක් ආගම් මිනිසාගේ චින්තනයට කිඳා බසින්නේ බලහත්කාරයෙනි. ඒ සඳහා මැවුම් කරුවෙකු අවශ්‍යම වන අතර ඒ තුලින් ඇතිවන මානසික ශක්තිය උපයෝගී කරගෙන විද්‍යාවට අභියෝග එල්ල කරති. බෞද්ධ දර්ශනයේ සර්ව බලධාරී දෙවිකෙනෙකු නැතිනිසා විද්‍යාවට අභියෝග කරන්න බෞද්ධ චින්තනයට අවශ්‍යතාවයක් ද නැත.(නදී)
පෘතුවිය කියන්නේ අහබු දෙයක්. එ්ක හරියට ඉල්ලකම් 12 ක් ඇති ලොතරැයියක් ඇදෙනවා වැනි දෙයක්. (නදී)
එතකොට නවීන විදයායාවට අනුව මේ ලෝකය ,මිනිසා මැවුවේ දෙවියන් වහන්සේ නොවේද? දෙවියන් වහන්සේ ලෝකය මැවුවා නම් විශ්වය මැවුවේ කවුද? මේ සියල්ලම මැවුවේ දෙවියන් වහන්සේ නම් , දෙවියන් වහන්සේව මැවුවේ කවුද? (නි)
මවන්න නම් දෙයක් තියන්න ඕනා .විශ්වය නිර්මාණ වුනේ තෘෂ්ණාව නිසා, මේක හිතන්න පුළුවන් බුදුදහම මානව ප්‍රගුණකළ අයට පමණි (නදී)
මිනිසා ගේ බිහිවීම විශ්මය ජනකයි . විශිෂ්ට ගුණවලින් සපිරි මැවීමක් (නදී)